(යොහාන් භාසුර සහ ලක්ෂ්මි ජයකොඩි)
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාරකන් 2009 මානුෂීය මෙහෙයුමේ අවසන් වෙඩි හුවමාරුවේදී මරණයට පත්වූ බවත් තමිල්නාඩුවේ දේශපාලඥායන් කුමක් ප්‍රකාශ කළත් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට එම ප්‍රකාශවලින් තහවුරු නොවන බවත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය.
එවැනි ප්‍රකාශ කිරීමට නීතිමය පදනමක් නොමැති බව කී බි්‍රගේඩියර් රවී හේරත් මහතා ඔහුගේ සමීපතයන්ව සිටි හිටපු එල්.ටී.ටී.ඊ. නායකයන් වන කරුණා අම්මාන් සහ දයා මාර්ටර් යන දෙදෙනා ප්‍රභාකරන්ගේ මළ සිරුර ළගට ගොස් එය ප්‍රභාකරන්ගේ බවට තහවුරු කළ බවත් කීය.
ඔහුගේ සිරුර පිළිබඳව කළ ඩී.එන්.ඒ. පරීක්‍ෂණයකින් එය ප්‍රභාකරන්ගේ බවට තහවුරු වී තිබීම නිසා ඉන් එහාට ඒ පිළිබඳව කථා කිරීමේ ඵලක් නොමැති බව ද හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ගෝලීය දෙමළ සම්මේලනයේ නායක පී. නෙඩුමාරන් මහතා ප්‍රභාකරන් ජීවත්ව සිටින බවත් ඔහු ළගදීම නැවත පැමිණෙන බවත් කළ ප්‍රකාශය පිළිබඳව යුද හමුදාව මතය පිළිබඳව කළ විමසුමකදී යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රවී හේරත් මහතා එසේ පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නෙඩුමාරන්ට හමුදාවෙන් උත්තර
sharm warn Tuesday, 14 February 2023 10:44 AM
අයියො. . පිස්සො කලබල වුනාට දෙස්තරලා කලබල වෙන්න ඔන නෑනෙ.. නැදුමාරන් කියන්නෙත් ප්‍රභාකරන් වගෙම මානසික රොගියෙක්.. අනිත් රොගියා පිනා.. උන් ඔක්කොටම තියෙන්නෙ මන්පොර ජාතක මෙනියාව..
sam Tuesday, 14 February 2023 11:24 AM
දන්නැද්ද නැදුමරනුත් ළංකාවෙ ඉන්න වයසක කොහෙද යන්නෙ මල්ලෙ පොල් දේශපාලුවෙ වගේමයි. බල තන්හාව
Senaka Tuesday, 14 February 2023 11:40 AM
කරුණාකරලා ගොන් ආතල් දෙන්න එපා නෙඩුමාරන් සීයේ, යන තැනකට මොකක් හරි කර ගන්න බලන්න. ලංකාවෙ උන් කට්ටියක් ජේසුස් වහන්සේ නැගිටිනකන් බලන් ඉන්නවා , අනිත් සෙට් එක රාවනා නැගිටිනකන් බලන් ඉන්නව, ඔච්චරයි අඩු වෙලා තිබ්බේ.
පැරකුම් Tuesday, 14 February 2023 11:48 AM
මෙවැනි අමන වසලයින්ට ප්‍රතිචාර දැක්වීම තවත් අමන ක්‍රියාවකි. කාලය සහ ශ්‍රමය නාස්ති කිරීමකි. හොදම පිලිතුර නිශ්ශබ්දතාවයයි.
පිටිගල මිලානෝ Tuesday, 14 February 2023 12:23 PM
ඔව් මට පේනවා රට බේරගන්න නැවත මයිනා කරලියට එනවා. හෙට අනිද්දා නිකුත්වීමට නියමිත තවත් අලුත් නාටකයක පූර්ව ප්‍රචාරක පටයක් මේක.
BamunuarachchiWednesday, 15 February 2023 10:39 AM
ඔව් ඔව් රට බේරාගන්න මයිනා ඕනේ රට බිලිදෙන්න රට වලපල්ලට යවන්න ජෙප්පෝ ඕනේ
Bamunuarachchi Wednesday, 15 February 2023 10:37 AM
නෙඩුමාරන්ට කොටින්ට උත්තර දීපු විදිහට උත්තර දෙන්න.
Bunny Preena Thursday, 16 February 2023 02:28 PM
නැඩුමාරන්ට ප්‍රභාව හැමදාම හීනෙන් පේනව ඇති. ඒකයි ඔය මනුස්සය දොඩවන්නෙ.?