(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක නැටුම් අංශය බාර ගුරුවරියක නැටුම් කණ්ඩායමේ සිසුවියන් ජර්මනියට යැවීමට බව පවසා මව්පියන්ගෙන් මුදල් ලබා ගත්තේ යැයි චෝදනාව මත අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසි සදහන් කරයි.
මෙම ආචාර්යවරියට ලක්ෂ ගණනින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් පැමිණිලි හතරක් දැනට ලැබී ඇති බවත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වංචා කොට ඇති බව අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.
49 හැවිරිදි මෙම කාන්තාව සිසුවියන්ගේ මව්පියන්ගෙන් රුපියල් ලක්ෂ පහ , හය ආදී වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබෙන බවද පොලීසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.