(ජී.ඒ.පී කුමාර)
තම වගාවන් සඳහන් පොහොර ලබා දෙන මෙන් ඉල්ලා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොවිහු පිරිසක් අද (28) දහවල් උද්‍ඝෝෂණයක නිරතවුහ.
විරෝධතා පුවරුව අතැතිව සටන් පාඨ කියමින් නොච්චියාගම ඇගළුම් ආයතනය අසල සිට නොච්චියාගම නගර මධ්‍ය දක්වා පැමිණි පිරිස නොච්චියාගම නගර මධ්‍යයේදී මෙම විරෝධතාවයෙහි නිරත වුහ.
උද්ඝෝෂණය ආරම්භ වීමට පෙර සෞඛ්‍ය නීති රීති පිළිපදින ලෙසත් ජන ඒකරාශි වීම සිදු නොකරණ ලෙසත් දන්වමින් ශබිද විකාශණ යන්ත්‍ර යොදා ගනිමින් දැනුවත් කලද විරෝධතා කරුවන් එම දැනුම් දී නොසලකා විරෝධතාවයෙහි නිරත වුහ.
සමගි ජනබල වේගය මගින් සංවිධානය කර තිබු මෙම උද්ඝෝෂණයට අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මංත්‍රී රෝහණ බංඩාර මහතා ,උතුරු මැද පලාත් හිටපු විපක්ෂ නායක අනිල් රත්නායක සහ නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමරකෝන්
රත්නායක මහතා ඇතුළු සමගි ජනබල වේගය පක්ෂයේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරුන් ද එක්ව සිටියහ.මෙම උද්ඝෝෂණය සදහා දෙසියයකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නොච්චියාගම ගොවීහු පාරට බසිති