
(වසන්ත චන්ද්‍රපාල, රෝෂන් තුෂාර සහ සුජිත් හේවාජූලිගේ)
නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව, චෙන්කලාඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදුකළ පැමිණිලක්කට අනුව එම වැටලීම සිදුකළ බව අල්ලස් කොමිසමේ උසස් නිළධාරියෙක් පැවැසීය.
මඩකලපුව සතුරුකොන්ඩාල් ප්‍රදේශයේ පර්චස් 65ක ඉඩමක් රුපියල් කෝටියකට මිලදී ගැනීමෙන් පසු එහි මුද්දර ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 6ක් ගෙවූ පසු එහි තක්සේරු වටිනාකම රුපියල් කෝටි දෙකයි ලක්ෂ 65 ක් බව යළිත් පළාත් ආදායම් කාර්යාලය මඟින් දන්වා තිබේ.
ඒ අනුව, දඩ මුදලක් සමඟ රජයේ ගාස්තුව රුපියල් 850,000ක් ගෙවිය යුතු බව පවසා එම මුදල ලක්ෂ දෙකක් දක්වා අඩු කිරීම සඳහා ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.
අදාළ මුදල මඩකලපුව නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලයේදී ලබාගන්නා අවස්ථාවේදී එම නියෝජ්‍ය කොමසාරිස්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසීය.
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නැගෙනහිර ආදායම් ලොකේකෙක් අල්ලස් දැලේ
sugath Wednesday, 16 October 2024 04:04 PM
හොඳ වැඩේ මේ මනුස්සයාට. දැන් තිබුණු අමාරුව සනීප වේවි. මේවාගේ අය ලංකාව පුරා තව ගොඩාක් ඉන්නවා. ඔය දේශීය ආදායම්, සුරා බදු, රේගුව, බන්ධනාගාරය හා පොලීසිය වගේ තැන්වල වැඩකරන අයගේ වත්කම් පිළිබඳව හරි හමන් සොයාබැලීමක් කළොත් තව ගොඩාක් විස්තර හොයාගන්න පුළුවන් වේවි.