(ප්‍රියාණි මංගලිකා )
නිකවැරටිය සතොස වෙළඳ සැලේ කාර්ය මංඩලයේ හත් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඒය තාවකාලිකව වසා දැමු බව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි .
සතොස කාර්ය මංඩලයේ දස දෙනෙකු සේවය කරණ අතර එම පවුල් සියල්ල නිරෝධායනයට ලක් කල බවද සෞඛ්‍ය අංශ කියයි.
මෙලෙස කාර්ය මංඩලයේ සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීම හේතුවෙන් සතොස වෙළඳ සැල වවා ඇතැයි බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි .
ආහාර ද්‍රව්‍ය මිලදී ගැණීම සඳහා දෛනිකව සතොස ව්‍යාපාරික ස්ථානයට විශාල පාරිභෝගික ජනතාවක් පැමිණෙන ස්ථානයක් බැවින් රෝග ව්‍යාප්තිය පිළිබඳව විශාල අවධානමක් පවතින බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ වන විට නිකවැරටිය ප්‍රදේශයේ කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බැවින් සියලු දෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව ,එදිනෙදා කටයුතු වල නිරත වන ලෙසද ,එන්නත් ලබා ගැණීම සඳහා යොමු වන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටි .
එසේම අනවශ්‍ය ගමන් බිමන් වලින් හා ඒකරාශීවීම් වලින් වැලකී ,නිරෝධායන ඇඳිරි නීතියද කඩ නෙකාකර කටයුතු කරමින් ,කොරෝනා වසංගත තත්වය මර්ධනය කිරීම සඳහා සහය දක්වන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටිති.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිකවැරටි සතොස තාවකාලිකව වහයි