
(ප්‍රියාණි මංගලිකා )
ඉන්ධන මිල ඉහළ දැමීම හා පොහොර ලබා නොදීමට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ පිරිසක් අද( 21) නිකවැරටිය මහව මංසන්ධියේ දී විරෝධතාවයක නිරත වූහ.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක සුමිත් අතපත්තු මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මංත්‍රීන් ඇතුලු පිරිසක් විරෝධතාවයට එක්ව සිටියහ.
කොරෝනා වසංගත තත්වයෙන් ජනතාව දැඩි පීඩාවට ලක්ව ඇති මෙවන් අවස්ථාවක ඉන්දන මිල ඉහල දමමින්, ගොවීන්ගේ වගා කළ කුඹුරු වලට පොහොර ලබා නොදෙමින් රජය අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින බවද විරෝධතා කරුවෝ කීහ.
ජනතා සිතුම් පැතුම් බිඳ දමින් ජනතාව විශාල ආර්ථික පීඩාවන්ට ලක්කරමින් රජය ගෙනයන මෙම වැඩපිළිවෙළ වහා නවත්වන ලෙසත් ජනතාවට වහා සලසන ලෙසත් විරෝධතා කරුවෝ කීහ.
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව අද 21 දිනයේ නිකවැරටිය නගරයේ විශාල රථවාහන තදබදයක් හා විශාල ජනතාවක් නගරයට පිවිස සිටි අවස්ථාවේ ,මහව මංසන්ධියේ පැවති.මෙම විරෝධතාවය හේතුවෙන් තව දුරටත් තත්වය උග්‍ර අතට හැරුණු අතර ,තත්වය පාලනය කරමින් නිකවැරටිය මූලස්ථාන පොලීසියේ නිලධාරින් රැසක් මහත් වෙහෙසක් දරමින් රාජකාරි කටයුතු වල නිරතව සිටියහ.


2025 නොවැම්බර් මස 04
615
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිකවැරටිය මංසන්ධියේ උද්ඝෝෂණයක්