IMG-LOGO

ධවල මන්දිරෙන් හමුවූ සුදු කුඩු හේතුවෙන් කාර්ය මණ්ඩලය ඉවතට

(විමුක්ති එස් රුද්‍රිගු)

ධවල මන්දිරයේ තිබී සැකසහිත සුදු වර්ණයෙන් යුත් කුඩු වර්ගයක් සොයාගැනීම හේතුවෙන් එහි සේවය කළ කාර්ය මණ්ඩලය කෙටි කාලයකට ධවල මන්දිරයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපද රහස් ඔත්තු සේවය කටයුතු කර තිබේ.

 එක්සත් ජනපද රහස් ඔත්තු සේවය විසින් මෙම සැක සහිත කුඩ සොයා ගනු ලැබ ඇත.මේ පිළිබඳ රහස් ඔත්තු සේවය මෙන්ම ආරක්ෂක අංශද වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.සිද්ධියට ප්‍රතිචාර දැක්වීමට පැමිණි ගිනි නිවන භටයන්ගේ හඬ පටයට සහ විමර්ශන පිළිබඳ දැනුමක් ඇති නිලධාරීන්ට අනුව එම සැක සහිත සුදු වර්ණයෙන් යුත් කුඩු වර්ගයෙහි කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු බවට මූලික පරීක්ෂණයේදී තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම සුදු වර්ණයෙන් යුත් කුඩු වර්ගය ධවල මන්දිරයට පැමිණියේ කෙසේද එය සැබැවින්ම කුමක්ද යන ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම සඳහා රහස් ඔත්තු සේවය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි එහි ප්‍රකාශකයකු පවසා තිබේ.මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ නොසිටි බව රහස් ඔත්තු සේවා ප්‍රකාශකයා මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.



අදහස් (2)

ධවල මන්දිරෙන් හමුවූ සුදු කුඩු හේතුවෙන් කාර්ය මණ්ඩලය ඉවතට

ravin Tuesday, 04 July 2023 07:21 PM

අපේ පරණ යාලුවා ගේද ?මමනම් ඕවා පාවිච්චි කරා කියලා මාධ්‍ය තුලින් දුටුවා

:       0       1

Bunny Preena Wednesday, 05 July 2023 09:39 AM

නිතරම මාද්‍ය හමුවෙ පෙනි සිටින කාර්ය මන්ඩලයෙ, කවුරුන් හරි මාද්‍ය සාකච්චවට පෙර ගැම්මක් ගන්ටත් එක්ක ටිකක් නහයෙන් උරල ඉතුරුටික මුහුනට ආලෙප කරන්ට ගෙනවා රූපලාවන්ය සදහා භවිතා කරන පුයර වර්ගයක් වත්ද.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 659 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 783 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site