( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත
එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.
මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දෙහිවලින් ‘මැකෝ‘ ගිරවෙක් සොරාගෙන ගිහින්
සෙනෙවිරත්න Sunday, 08 June 2025 03:31 PM
බලන්නකෝ සත්තුවත්තේ ගිරවෙක් රැකගන්න බැරි ජනාධිපති කෙනෙක් අපට ඉන්නේ. නේද යෝගා?
donSunday, 08 June 2025 06:29 PM
ජනාධිපති ඉන්නේ සත්තු වත්තේ ගිරව් රකින්න නෙවෙයි. ඒකට තමයි සේවකයෝ පත්කරලා තියෙන්නේ.
වෑල්ඩින් ආචාර්යSunday, 08 June 2025 07:32 PM
මැකෝලා ගණන් කරන්න ගමුද සෙනෙවිරත්න? දැන් රිලව් ටික සනීපෙන් ඉන්නවාද දන්නේ නෑ නේ?
චතුරිSunday, 08 June 2025 09:01 PM
අනේ මෙහෙමත් මෝඩයින්. ජනාධිපති ආවේ ගිරව් රකින්න අල්ලන්න නෙමේ මිනිස්සු... සත්තු වගේ. රට හදන්න නම් මිනිසාව සතුන්ගේ වෙස්වලින් බේරා ගන්න ආවේ මිනිසා හැදුණාම රට ඉබේ හැදෙනවා. ගිරවෙක් වගේ කියන්නේ. මේ වගේ සත්තු තමයි පළමුවෙන් හදන්නේ...!
සෙනෙවිරත්න Sunday, 08 June 2025 03:32 PM
ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.
WijeSunday, 08 June 2025 07:36 PM
එහෙම ජනාධිපති ඉල්ලා අස් වුනොත් ඔයාගේ ලොන්ඩරියේ කාගේ රෙදිද හෝදන්නේ සෙනෙවිරත්න. හිතන කොටත් හිත වාවන්නේ නෑ වගේ. හරිම පව් මාලිමාවන්ට වෙච්චි දේ...
hemantha Sunday, 08 June 2025 04:21 PM
මේක විහිළුවකට ගන්න එපා... එවන් දෙයක් කරන කල් මේකෙ නිලධාරීන් යන එන අය ඇස් බැඳගෙනද හිටියේ?
Pradeep Kumara Sunday, 08 June 2025 05:09 PM
මීට කලිනුත් හොරකමක් සිදුවෙලා තියනවලු... නැවත එම කූඩුවේම සතෙක් දෙවන වරටත් හොරකම් කරලා. කෝ මේවා වලක්වා ගන්න අරන් තියන ක්‍රියා මාර්ග? සත්වෝද්‍යාන පාලනාධිකාරිය නින්දේද? නැත්නම් මේක කරලා තියෙන්නේ එයාලත් දැනුම්වත්වද?
Kule Sunday, 08 June 2025 06:00 PM
ගිරා ආණ්ඩුවේත් මැකෝ කෙනෙක් ඉන්නවද?
ගීතා ද බ්‍රිටෝ Sunday, 08 June 2025 09:03 PM
ෂුවර් එකටම රාජපක්ෂ ලාගේ වැඩක්... ඔවුන් තමයි ඔය ගිරව් ඇති කරන්නේ...!