IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


දුම්රිය රියදුරන් බඳවා ගන්න යයි

(මහින්ද නිශ්ශංක)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින දුම්රිය රියදුරු තනතුරේ පුරප්පාඩු පිරවීම සදහා අයදුම්පත් කැඳවා ඇතැයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ හිටපු ලේකම් එස්.ආර් .සී .එම්.සේනානායක මහතා පැවසීය.

අපොස (උසස් පෙළ) විභාගයෙන් සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව හා තවත් එක් විද්‍යා විෂයයක් ඇතුළු සියලු විෂයයන්ගෙන් එකවර සමත්වි තිබීම, භාෂාව හෝ සාහිත්‍යය, ගණිතය සහ විද්‍යාව'ඇතුළු විෂයයන් හතර කට සම්මාන සාමාර්ථ සහිතව අපොස ( සාමාන්‍ය පෙළ විභාගය) එකවර විෂයයන් හයකින් සමත් පිරිමි අයදුම්කරුවන්ට මෙම රියදුරු තනතුරු සදහා අයදුම් කළ හැකිය.

වෘත්තිය සුදුසුකම් වශයෙන් තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව පිළිගනු ලබන ඉංජීනේරු ඩිප්ලෝමාව හදාරා තිබීම හා විවෘත විශ්ව විද්‍යාලය විසින් ලබාදෙන තාක්ෂණික ඩිප්ලෝමාව දක්වා තිබේ.

දුම්රිය රියදුරන් බදවා ගැනීම සම්බන්ධ වැඩි විස්තර 2025 පෙබරවාරි 28 වන දින රජයේ ගැසට් පත්‍රයේ සදහන් වන බව දුම්රිය රියදුරු සංගමයේ හිටපු ලේකම් සේනානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

බොහෝ කාලයක සිට දුම්රිය රියදුරු තනතුරේ පුරප්පාඩු 228 ක් පමණ පවතින බව දුම්රිය රියදුරු සංගමය පවසයි. දුම්රිය රියදුරන් 458 ක් පමණ සිටිය යුතු නමුත් මේ වනවිට සිටින්නේ රියදුරන්, 220 ක් පමණ වන බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

 



අදහස් (7)

දුම්රිය රියදුරන් බඳවා ගන්න යයි

de silva Monday, 24 March 2025 04:21 PM

ඔය රස්සාවට සහ අනෙකුත් රජයේ පුරප්පාඩු වලට පිටින් පුද්ගලයින් ගන්න ඉස්සර වෙලා දැනට රජයේ සේවයේ යෙදී සිටින්නන්ට ප්‍රමුඛත්වය දෙන්න...

:       10       4

nimalMonday, 24 March 2025 06:05 PM

පාඩුලබන දුම්රිය දෙපාර්තමේන්තු රියැදුරන් බඳවා ගැනීම කොන්තරාත් පදනම මත බඳවා ගැනීම සුදුසු වේ.

:       2       5

බණ්ඩා Monday, 24 March 2025 04:54 PM

පිරිමි අයදුම්කරුවන් පමණක් බඳවා ගන්නේ නම් එය නීති විරෝධී බඳවා ගැනීමකි. කාන්තාවන්ට කරන බරපතල අසාධාරණයක් සහා ව්‍යවස්ථා විරෝධී වන ලිංගිකත්වය මත වෙනස් කොට සැලකීමකි. එයට විරුද්ධව ඉහළ උසාවියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කල යුතුයි. හරිනි අමරසුරිය ගේ ද විසිල් මිස බල්ටි ඇති බවක් පෙනෙන්නට නැත.

:       17       6

Neel Monday, 24 March 2025 07:56 PM

ඔයා තවම ගරු අගමැතිනියගේ බල්ටි දැක්කේ නැද්ද? වියදම් අඩුකරලා ලක්ෂ ගාණක් අපේ බදුමුදල් ඉතිරිකරලා හොඳ ආදර්ශයමත් නායිකාවක් බව පසුගිය මාසේ නිවුස් වල ගියා. පොඩ්ඩක් හොයලා බැලුවේ නැද්ද? පව් අනේ...!

:       6       13

Sakra Tuesday, 25 March 2025 03:30 AM

Airline pilot කෙනෙක් වෙන්නත් අවම සුදුසුකම O Level නමුත් අපේ රටේ දුම්රිය රියදුරෙක් වෙන්න උසස්පෙළ combined maths සහ Physics අවශ්‍යයි කියන්නේ විහිළුවක්. මෙන්න මේවා නිසා තමයි මෙතනත් බමුණු කුලයක් හැදිලා තියෙන්නේ .

:       0       3

Perera Tuesday, 25 March 2025 06:00 AM

ලෝකයේ බොහෝ රටවල් වල කාන්තාවන් ගුවන් යානා, නෞකා, දුම්රිය, විශාල ලොරි සහ බස් ධාවනය කරණ කොට, ඇයි ලංකාවේ කාන්තාවන්ට එවැනි සුදුසුකම් තිබේ නම් දුම්රියක් ධාවනය කිරීමේ අවස්ථාව නොදෙන්නේ ?

:       0       1

පුරවැසියන් Tuesday, 25 March 2025 09:05 AM

කාකාන්තාවන්ට ඇයි මේක බැරි ? තාම ළිං ගෙඹි සංස්කෘතික දූපත් මානසිකත්වය පිරිච්චි රටක් කොහොම දියුණු කරන්න ද. මැලේසියාව පවා කාන්තාව දුම්රිය එලවනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 533 0

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ
2025 මැයි මස 09 268 0

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.


වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ
2025 මැයි මස 09 483 3

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න


ආණ්ඩුව පඹ ගාලක පැටලිලා
2025 මැයි මස 09 33 0

ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා


‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 889 6

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 1103 1

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1273 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 327 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site