(සුමිත් පොතුපිටිය )
දින හතක් වයසැති බිළිඳියක් තුන්වරක් පොලොවේ ගසා ඝාතනය කල 28 හැවිරිදි සැකකාර මවක් ලද තොරතුරක් මත අද (17) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පයාගල,හල්කඳවිල , කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කාන්තාවකට දාව නාගොඩ ශික්ෂණ රෝහලේදී පසුගිය 9 දා උපත ලද නිවුන් බිළිඳියන් දෙදෙනාගේන් බාල දියණිය බව පොලිසිය සදහන් කරයි.
මව්පිය දෙදෙනා බිළිදියන්හට නම් තැබීම සදහා ඉකුත් 15 දා ජෝතීර් වේදියෙකු හමුවීම සඳහා ගොස් නිවසට පැමිණීමෙන් පසු මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැකපලකරන බව පොලිසිය කීය.
එදින පස්වරුවේ බිළිඳිය ඇඳෙන් වැටුණු බව සඳහන් කරමින් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, මරණය සම්බන්ධයෙන් සැක සිතී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය ඝාතනයට ලක්ව ඇති බවට හෙළි වීමෙන් පසු බිළිඳියගේ මව අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
දැරියගේ මව බිළිඳියගේ නහය අවස්ථා තුනකදී මිරිකා ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද අනාවරණය වේ.
අඹුසැමි යුවළ මීට වසර තුනකට පෙර විවාහ වී ඇති බවත්, ඔවුන්ගේ කුළුදුල් දරු උපත මෙය බවත් සඳහන් වේ.
සැකකාර මව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර (වැබ) මහතාගේ උපදෙස් පරිදි අපරාධ සහ ළමා කාර්‍යාංශ නිළධාරීනියන් පරීක්ෂණ පවත්වති.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දින 7ක් වයස බිළිඳිය තුන්වරක් පොලොවේ ගහලා
මහසෙන් Friday, 17 February 2023 09:39 PM
මේ පුවත කියවන විට ඇඟත් එක්කම හිරිවැටුණා. ජෝතීර් වේදියා හමුවී ආපසු බාල බිලිඳියම මේ ලෙස ඝාතනය කළා කීවාද දන්නෑ. බාල බිළිඳියගෙන් පවුලට අපලයි කියලා...
Radiks Saturday, 18 February 2023 12:41 AM
පසු ප්‍රසව විශාදය...
බක්මී Saturday, 18 February 2023 08:19 AM
අනේ මෙහෙමත් අම්මලා. මේ රටට මොනවා වේගෙන එනවාද මන්දා...? මියගිය දියණියට නිවන්සුව පතමු...
කීරාල දෛවඥයා Saturday, 18 February 2023 03:48 PM
මං ඉපදුණාම කේන්ද්‍රය හදපු ජෝතිර්වේදියා කියලා තියෙනවා මේ ඉපදිලා තියෙන්නේ අංගුලිමාල වගේ දරුණු පුද්ගලයෙක් නිසා මරලා දැම්මේ නැත්නම් අම්මා දවස් 7 න් මැරෙනවා. තාත්තා මාස තුනකින් හිරගෙට යනවා. මුළු පවුලටම විනාශ කාලයක් එනවා කියලා. ඉතිං අම්මා මට දවස් 7ක් කිරි දෙන්නේ නැතුව පැත්තකට දාලා තිබිලා දවස් 7 න් අම්මා මැරුණේ නැති නිසා කිරි දීලා තියෙනවා.
Lalla Saturday, 18 February 2023 11:46 PM
තාවකාලික මානසික රෝග තත්ත්වයක්. මෙය වළක්වා ගතහැකිව තිබූ දෙයක්. දැනුවත්භාවය නොමැතිකම නිසා වූ හානියක්. අනිත් දරුවාත් අනතුරේ.. රෝහලේදී මේ තත්ත්වය හඳුනාගෙන නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්...!