IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්

(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ සහ සම්පත් ප්‍රියනන්දන)

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්   කිරීමට  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද  (02) පස්වරුවේ පියවර ගෙන තිබේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මහනුවර දිස්ත්‍රික්කයේ උඩපාලත, යටිනුවර කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඹ්විට,  මාවනැල්ල, බුලත්කොහූපිටිය මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ  රත්නපුර දිස්ත්‍රික්කයේ   කහවත්ත, ඇලපාත, ඇහැළියගොඩ, කුරුවිට, ගොඩකවෙල, පැල්මඩුල්ල සහ  රත්නපුර    යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස  දැනුන්දීමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කොට ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, හල්දුම්මුල්ල ගාල්ල දිස්ත්‍රික්කයේ  ඇල්පිටිය  කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, යටියන්තොට  කුරුණෑගල  දිස්ත්‍රික්කයේ  පොල්ගහවෙල මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, අකුරැස්ස   රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, අයගම, බලංගොඩ, ඉඹුල්පේ, ඔීපනායක, කිරිඇල්ල  හා කලවාන   යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙස දැනුන්දීමේ අනතුරු ඇඟවීමේ කහ නිවේදනය නිතුක් කොට තිබේ.

මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයන්  හෙට  (03) පස්වරු  5.00 දක්වා වලංගු  බවත් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 128 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site