IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

(නිමල කොඩිතුවක්කු)

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය කිරීමේ කටයුතු දේශීය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර භාණ්ඩාගාරය විශේෂ ඒකකයකට පැවරීමට විරෝධය පළ කරමින් එහි සේවකයෝ අද(24) පස්වරුවේ එම දෙපාර්තමේන්තුවේ ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවකයන්  හෙට (25) දිනයේ සියලුම රාජකාරි වලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවත් එහිදී විරෝධතාකරුවෝ පැවසූහ.

විරෝධතා  පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් විරෝදතාකරුවෝ කෑම පැයේදී පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූහ.

"දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දියකර හැරීමේ ඊනියා සැලසුම වහා හකුලා ගනු,  දෙපාර්තමේන්තුව සතු බලතල කප්පාදුව පරාජය කරමු,  දේශීය ආදායම් රේගු සුරාබදු දෙපාර්තමේන්තුව දියකර හැරීමේ කුමන්ත්‍රණය පරදමු ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාවය අතරතුර අදහස් දැක්වූ දේශීය ආදායම් සේවක සංගමයේ සම ලේකම් එච්. ඒ. එල්  උදයසිරි මහතා.

  "විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය කිරීමේ කටයුතු දේශීය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර භාණ්ඩාගාරය යටතේ ඇති විශේෂ ඒකකයකට පවරා තිබෙනවා. දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව විදිහට අපි මීට දැඩි විරෝධය පළ කරනවා. අපේ වෘත්තිය සමිති හයේම නියෝජිතයන් මෙම විරෝධතාවයට එක්ව සිටිනවා.

අපි අද සංකේතාත්මකව කෑම පැයේදී එලියට ඇවිත් විරෝධතාවය දැක්වූවා. හෙට දිනයේදී සියලුම සේවාවලින් ඉවත්ව ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් කාර්යාල වල වැඩ වර්ජනයක නිරත වනවා. රජය මෙම තීරණය අකුලා නොගතහොත් අඛණ්ඩ වර්ජනයක් දක්වා අපේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගෙන යනවා.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (1)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

sena Monday, 24 January 2022 06:07 PM

ඒකෙනුත් කුට්ටියක් කඩාගන්න වගේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site