IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දේශපාලන ඇයි හොඳයිවලට ආයෝජන අවස්ථා දෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රටේ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව කී ජනාධිපතිවරයා රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබා දෙන බව සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (05) පැවති සාකච්ඡාවේදීය.

දේශපාලන ස්ථාවරත්වය මෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ද ළඟා කරගත යුතු බව අවධාරණය කළ අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා ආයෝජන මණ්ඩලයට විශාල වගකීමක් පැවරී තිබෙන බව ද කියා සිටියේය.



අදහස් (0)

දේශපාලන ඇයි හොඳයිවලට ආයෝජන අවස්ථා දෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site