IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා

රුසියානු හමුදා තව දවස් 10 ක් ඇතුලත යුක්රේන මෙහෙයුම අවසන් නොකළහොත් අකමැත්තෙන් හෝ රුසියානු රජයට  යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි සමග එකඟතාවයකට පැමිණීමට සිදුවන බව එස්තෝනියාවේ හිටපු හමුදා ප්‍රධානී රිහෝ ටෙරාස් පවසයි.

යුද්ධය ආරම්භ කිරීමේදී දවස් 1-4 අතර කාලයේ යුක්රේනය ආක්‍රමණය කිරීමට හැකි යැයි රුසියානු රජය විශ්වාස කලත් යුක්රේනුවන්ගේ එකමුතුකමත්, රුසියානු යුද සැලසුම්කරනයේ දුර්වල කමත් හේතුවෙන් එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වී ඇති අතර මේ පිළිබඳ ජනාධිපති පුටින් ගේ ප්‍රධානත්වයෙන්  උරල් කඳුකරයේ බංකරයක පැවති රහස් හමුවකදී මේ පිළිබඳ තම සගයන්ට ජනාධිපති පුටින් දොස් නගා ඇත.

යුක්රේන බුද්ධි වාර්තා අනුව රුසියානු හමුදාවන්ට යුරෝ බිලියන 15 ක් වැයවෙන අතර රුසියානු හමුදාවන්ට මිසයිල ඉතිරිව ඇත්තේ තව දවස් 3-4 පමණක් බව ටෙරාස් පැහැදිලි කර තිබේ.

තව 10 ක් ඇතුලත යුක්රේනය ආක්‍රමණය නොකළහොත් අකමැත්තෙන් හෝ යුක්රේනය සමග එකඟ තාවයකට පැමිණීමට සිදුවනු ඇතැයි  ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

(ඩේලිමේල්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (1)

දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා

Bamunuarachchi Tuesday, 01 March 2022 09:59 AM

එකක් තේරුම් ගන්න... පුටින් යුක්රේනයට ගහන්නේ පොඩි බුෂ් ඉරාකයට, ලිබියාවට ගහපු තුච්ඡ ක්‍රමයට නොවෙයි. නිස්කාරණයේ මිනීමරන්නේ නැහැ. තෝරා ගත්තු ටාගට්වලට පමණි. ඒ නිසයි ආක්‍රමණ බොහොම සෙමින් සිදුවෙන්නේ... යුක්රේනයේ විදුලි බලය නැතිවෙලාද, ඉස්පිරිතාලවලට ගහලාද? රුසියානු කොන්වෝයි පාරේ යනවා ගෙවල්වල සිටින යුක්රේනුවෝ වීඩියෝ කරනවා. රුසියන් හමුදා හතරවටේ වෙඩි තියන්නේ නැහැ. හැබැයි සේලේන්ස්කි කරපු ගොන්වැඩේ තමයි සාමාන්‍ය ජනතාවට ආයුධ දීම දැන් මැරුම් කන්නේ සාමාන්‍ය ජනතාව... ලංකාවේ දෙමල්ලු කළා වගේ ඊළඟට කියනවා සාමාන්‍ය ජනතාවට වෙඩි තිබ්බා කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 656 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site