IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දවල් මිගෙල් රෑ දැනියෙල්

(ෂේන් සෙනෙවිරත්න)

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා බවට සැක සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තරුණයන් හයදෙනකු අධික බීමතින් මහනුවර නගරයේ සිටියදී අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.

මහනුවර මූලස්ථාන පොලිසිය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අද (30) අළුයම 01.00 පමණ නගරයේ සිදුකළ සිදු කළ සෝදිසියකදී මහනුවර ඔරලෝසු කණුව අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි මෙම පිරිස පරික්ෂා කිරීමේදී ඔවුන් සතුව හැඳුනුම්පත් නොමැතිවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී ඔවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා පිරිසක් බවට අනාවරණය වී තිබේ.

එම පිරිසෙන් 05 දෙනකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා බවත් එක් අයකු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේ නමක් බවත් අනාවරණය වී තිබේ .

ඔවුන් තංගල්ල, ගාල්ල, පිළිමතලාව සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටද අනාවරණය වී තිබේ.

ඔවුන් මහනුවර නගරයේ මත්පැන් ශාලාවකින් මත්පැන් පානය කොට ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔවුන්ගේ හැඳුනුම්පත් පොලිසියට ඉදිරිපත් කරණ තෙක් රඳවා තබා ගෙන සිටින අතර එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

 

 



අදහස් (20)

දවල් මිගෙල් රෑ දැනියෙල්

පැරකුම් Monday, 30 January 2023 09:37 AM

සුර සැප විදිමින් වැජබෙන මහ නායකයයි කියාගන්නා අය බුදු දහම ගැන කිසිම කැක්කුමක් නැතුවාක් මෙන් ඉන්නේ මන්ද?

:       5       48

කසුන්Monday, 30 January 2023 02:43 PM

එයාලා ෆන් ගන්නෙ විහාර ඇතුලෙ. ඔයිට වඩා සීරියස් විදියට. ඒවා එලියට එන්නැති එක විතරයි වෙනස.

:       0       1

අතන මෙතන රතන Monday, 30 January 2023 09:40 AM

අපිට ගිලන් පස වලදන්න වත් පොලීසිය ඉඩ දෙන්නේ නැති හැටි. පස්හෙ වෙරි වෙන ඵක වෙනම කාරනයක්. නැද්ද හා.

:       0       1

Vira Monday, 30 January 2023 09:51 AM

සාදු ... සා...දු සාාදු .......

:       4       28

සත්‍ය ගවේෂී. Monday, 30 January 2023 10:19 AM

සේපාල්ගෙ නැට්ටේ එල්ලිලා ඉන්නා වගකිවයුතු අංශ වලට මේවා නොදකින්නේ නොපෙනෙන්නේ ඇස් අන්ධ වෙලාද කියලයි අහන්නට වෙන්නේ.

:       0       0

ලුම්බිණි Monday, 30 January 2023 10:52 AM

නිවන් දකින්න පින් මදි තවම.

:       0       0

යෝගා Monday, 30 January 2023 11:54 AM

ඕක අද ඊයේ ඉඳලා වෙන දෙයක් නෙමෙයි. පහුගිය අවුරුදු හතලිස් ගානෙම විශ්ව විද්‍යාල ශිෂ්‍ය හාමුදුරුවෝ ඕවා කලා. උපාධිය ගන්නකොට සිවුරත් අරිනවා.

:       1       30

Don perea Monday, 30 January 2023 12:13 PM

කියන්න දෙයක් නැහැ... මේවාත් බිස්නස් එකක් වෙලා...

:       0       18

Somarathana Monday, 30 January 2023 12:41 PM

සිවුරු දාගෙන ඉන්න සමහරක් අය ඔයවගේ තමයි ... ඒ අය මහණ වෙන්නේ පුද්ගලික හේතුවක් නිසා...

:       0       24

Vimukthi Monday, 30 January 2023 01:18 PM

අරගලයට ජය වේවා

:       8       10

Peramuna.Monday, 30 January 2023 01:59 PM

පොහොට්ටුව දිනවමු.

:       8       7

Kamkaruwa Monday, 30 January 2023 01:43 PM

සිවුරත් දැන් වෙළෙඳ භාණ්ඩයක් වෙලා...

:       0       9

කසුන් Monday, 30 January 2023 01:57 PM

ඔය කලිසම් ගහගෙන බීලා පිස්සු කෙලලා අහුවුනු සෙට් ඒකේ කීපදෙනෙක් කලාපීටයේ ආචාර්යවරුලු. කෝමද ඒක?

:       1       13

DM Monday, 30 January 2023 02:56 PM

මේ අය වෙන කවුරුවත් නෙමෙයි, පෙරටුගාමී, JVP සහ අන්තරේ කට්ටිය. දවල්ට පාරවල් ගානේ උද්ගෝෂණ කර කර ජන ජීවිතය අඩාල කරන්නේ මොවුන් තමයි. මුලින් හොඳට තිබුන අරගලට පැනලා කඩා කප්පල් කලේ මොවුන් තමයි. කැම්පස් වල ඉන්න ළමයි මේගොල්ලෝ ගැන දන්නවා, නමුත් සාමාන්‍ය ජනතාව හිතන් ඉන්නේ මේගොල්ලෝ රට ආදරේ අය කියලා . මුන් සාසනෙත් කනවා.

:       2       21

aruna Tuesday, 31 January 2023 02:08 PM

චීවරධාරියෝ කුපාඩියෝ කියලා රටම දන්නවා

:       1       1

kamal Monday, 30 January 2023 03:11 PM

කෝටියක් සංවර සීලය රැකීම කෙසේ වෙතත්, පංච සීලයවත් රැක ගත නොහැකි චීවරධරීන්ගෙන් ඇති පලය කුමක්ද?

:       1       11

විමල් Monday, 30 January 2023 03:38 PM

ආගමික ස්ථානවලින් සිදුකරන ලවුඩ්ස්පීකර්, බෆල් කන්දොස්කිරියාවට පොලිසිය, නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?

:       2       4

mihira Monday, 30 January 2023 04:32 PM

හොරුන්, බොරුකාරයින් දැන් ගොඩක් වැඩියි.

:       0       4

අසේල සම්පත් Monday, 30 January 2023 09:24 PM

රාදෙනිය අවට ගනිකා මඩම් සහ සම්බාහන ආයතන වටලනවා නං තව සිවුර අස්සේ මහත්තුරු අල්ලා ගන්න තිබ්බා.

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 31 January 2023 01:00 PM

නායක උන්නාන්සේලා කරන විදියට එපයි ගෝලයෝ හැදෙන්න. මුන් ඔක්කොමගේ කල්ක්‍රියාව ප්‍රසිද්ද කල යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 71 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 185 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 237 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 206 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 315 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 110 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site