IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක) 

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ  කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය  පත්තල ගෙදර ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන එනු ලැබූයේ රාත්‍රී හතයි තිස්පහට ය.

මෙම ප්‍රමාදය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීම තවමත් ප්‍රමාද වී පවතින අතර වේයන්ගොඩ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ සිට මෙම ප්‍රතිඵල ලේඛනය රැගෙන පැමිණීමට පැය භාගයකට අධික වේලාවක් ගතවීම නිසා මෙම ප්‍රතිඵලය සැක සහිත බවත් ඊට බලධාරීන් හේතු දැක්විය යුතු බවටත්  මීරිගම මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ප්‍රසාද් සිරිවර්ධන  මහතා මෙහිදී චෝදනා කළේය.

ඔහු සඳහන් කළේ විනාඩි පහක පමණ කාල සීමාවකින් පැමිණිය හැකි දුර ප්‍රමාණයක් සඳහා මෙතරම්  කාලය ගත කිරීම නිසා  කිසියම් අක්‍රමිකතාවක් සිදුවී ඇති බවයි.  

ඔහු මෙම චෝදනාව කරන අතරවාරයේදී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අදාළ මනාප ලේඛනය රැගෙන එනු ලැබූ අතර එහි අවසන් කටයුතු තවත් සිදු කිරීමට පැයක පමණ වේලාවක් ගත වන බවට බලධාරීන්ගෙන් දැන ගන්නට ලැබිණි .



අදහස් (0)

දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site