
(ප්‍රදීප් කුමාර කුලරත්න)
රිය අනතුරකට ලක්ව මාර්ගය මැද වැටී සිටි යතුරු පැදිකරුවෙක් ආයාසයෙන් නැගිටීමට උත්සාහ දරද්දී පිටුපසින් පැමිණි ජීප් රථයක් එම යතුරු පැදිකරු තවත් අනතුරකට ලක්කොට පලා ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ 28 හැවිරිදි තරුණයාගේ පාද දෙක සහ අතක් බිදී ඇති අතර හිසට බරපතල තුවාල සිදුව ඇති බව පොලිසිය කියයි.
ඔහු ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩ් දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර මේ වනවිට ශල්‍ය කර්ම දෙකකට ලක් කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පැවසේ.
අනතුරට පත් තරුණයා රාත්‍රී සේවා මුරය නිමවා කොළඹ සිට හයිලේවෙල් මාර්ගය ඔස්සේ කොට්ටාවට එමින් සිටියදී අලුයම 05.20 පමණ ඔහු පැමිණි යතුරු පැදිය මහල්වරාව හන්දිය ආසන්නයේදී මාර්ගය මැද ලිස්සා මීටර් 50 පමණ දුරක් ඇදී ගොස් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් පසුව ජීප් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර මේ වන විට ජීප් රථය සොයා පොලීසිය විමර්ශන සිදු කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
654
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙවරක් හැප්පුන කොට්ටාවේ අනතුර
ජයනාත් Monday, 09 September 2024 06:12 AM
බුද්ධ ධර්මය කර්මය ලෙස පහදන්නෙ මෙන්න මේව. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු ...