
(අංජුල මහික වීරරත්න සහ ලාල් එස් කුමාර)
දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
රජයක් ලෙස ඊට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන අතර දරුවන්ට සුරක්ෂිත, ආරක්ෂාකාරී රටක් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසූවේ ලෝක ළමා දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ ‘‘මග හැරුණු පාඩම’’ උත්සවයේදීය. කැළණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ දී අද මෙම උත්සවය පැවැත්විණි.
‘‘අපේ රටේ අමතක වෙලා තිබුණු, මග හැරුණු ගොඩාක් ප්‍රශ්න තිබෙනවා. තරගකාරී ලෝකය තුළ මනුෂ්‍යත්වයට අවශ්‍ය වැදගත්ම දේවල් ගොඩාක් අත හැරලා තනියම ගමනක් යන්න සිදුවෙලා තියෙනවා. විශේෂයෙන් අපේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය, වැඩිහිටියන්ගේ ආර්ථිකය වැනි බොහෝ කරුණු මේ සඳහා බලපා තිබෙනවා.
එම මග හැරුණු පාඩම් අතර අපේ මනුෂ්‍යත්වයට අත්‍යවශ්‍ය දේවල් අතර එකිනෙකා රැකබලා ගැනීම, ආරක්ෂාව දීම, සාමූහිකත්වය, ආදරය කිරීම, ගරු කිරීම, තව කෙනෙක් තේරුම් ගැනීම, දුකේදී සැපේදි මිත්‍රත්වය දැක්වීම, වැඩිහිටියන් සමග ගනුදෙනු කරන ආකාරය, වැඩිහිටියන්ව රැකබලා ගැනීම, අපි ජීවත්වෙන පරිසරය හා එහි සිටින සතුන් රැකබලා ගන්නේ කොහොමද යන දේවල් ඇතුළු බොහෝ දේ අපිට මග හැරුණු පාඩම් යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
Pablo escobar Thursday, 03 October 2024 09:12 AM
මෙයා ලයිෂන් එක ගත්තද දන්නෑ?