IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දින 5 ක් තුළ 150 ක් ලේ දන් දෙති

(ප්‍රින්ස් රත්නායක)

ඉදිරියේදී  රටේ අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ලේ බැංකු සතු රැධිර සංචිත වැඩිකර ගැනීමට ගත් තීරණය අනුව බළන්ගොඩ මූළික රෝහලේ ද  අතිරික්ත  රුධිර සංචිත පවත්වා ගැනීම පසු ගිය 22 වැනිදා සිට ආරම්භ විය.

ඒ අනුව 26 වැනිදා වන විට දින 05 ක් තුළ  විශේෂ අවශ්‍යතා මත ඇඳිරි නීතිය පනවා තිබුණ අවස්ථාවේදී ද රුධිර පරිත්‍යාග කිරීමට බළන්ගොඩ මූළික රෝහළට තරුණ පිරිස් 150 ක් එක්වූ බව  බළන්ගොඩ මූළික රෝහල් රුධිර ඒකකය භාර වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බළන්ගොඩ රෝහලේ ලේකම් වෛද්‍ය කේ.ජේ.කේ  කොතලාවල මහතා පැවසීය.

එම පිරිස් සංවිධාන කටයුතු බළන්ගොඩ පොලිස් මහජන සම්බන්ධතා නිලධාරී ඉරෝෂන් ජයසේකර මහතා විසින් සිදුකළේය.

බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ තුඹගොඩ සුදර්ශන මහා විහාරයේ විහාරාධිකාරී ඉඹුල්පේ විජිතවංශ හිමි, බළන්ගොඩ නාගරික මන්ත්‍රී හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළන්ගොඩ සංවිධායක අකිල සාලිය එල්ලාවල බළන්ගොඩ නාගරික මන්ත්‍රී නදීශාන් වික්‍රමාරච්චි  ඇතුළු ප්‍රදේශයේ තරුණ පිරිස් මීට එක්වූහ. 

රුධිර පරිත්‍යාගයට ස්වාමීන් වහන්සේලාද එක්ව සිටීම විශේෂත්වයකි.



අදහස් (0)

දින 5 ක් තුළ 150 ක් ලේ දන් දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 219 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 104 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 463 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site