IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දෙන්නෙක් බෑව්වා බලපියව්: පොලිසියට ඇමතුමක්

(ගයාන් සූරියආරච්චි)

‘මන්නා රොෂාන්ගේ මල්ලි මධුරංගටයි තවත් එකෙකුටයි නිරිපොළ වෙළ ගාවදී වෙඩි තිබ්බා. මම කතා කරන්නේ ලලිත් කන්නංගර ගිහින් බලන්න ‘ යනුවෙන් පවසමින් මන්නා රොෂාන්ගේ සහෝදරයාට සහ ඔහුගේ මිතුරකුට ඊයේ (4) පෙරවරු 11.30 ට පමණ වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයකු විසින් හංවැල්ල පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ මන්නා රොෂාන්ගේ සහෝදරයා සහ ඔහුගේ මිතුරා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මන්නා රොෂාන්ගේ සහෝදරයා මියගොස් තිබූ බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හංවැල්ල නිරිපොළ ප්‍ර දේශයේ පදිංචි 31 හැවිරිදි කාරියවසම් අතුකෝරළගේ දොන් මධුසංක නැමැති පුද්ගලයකු බව පොලිසිය පවසයි.

දැනට ඩුබායි හි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නංගර නැමැත්තා සහ මන්නා රොෂාන් අතර පැවැති මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවී තිබූ ආරවුලක් මත මෙම වෙඩි තිබීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාරණයවී තිබේ.

මීට මාස කීපයකට පෙර පාදුක්ක ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ මිතුරකු හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ වෙල්යායක් අසල කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී සැඟවී සිටි නාදුනන වෙඩික්කරුවකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

එහිදී වෙඩි ප්‍රහාර 8 ක් පමණ තබා ඇති අතර මන්නා රොෂාන්ගේ සහෝදරයා ඔහුට අයත් හංවැල්ල නිරිපොළ වැලි තොටුපොළක් වෙත පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 500 ක පමණ වපසරියක් තුළ සී.සී.ටී.වී දර්ශන හෝ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති අතර ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තා සහ දුරකතන කුලුනු සංඥා මාර්ගයෙන් තොරතුරු ලබාගැනීමට විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොට්ඨාස අපරාධ විමර්ශන අංශ, යුද හමුදාව ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්. ජයමහ මහතාගේ මගපෙන්වීම යටතේ සහකාර පොලිස් අධිකාරී අජිත් ගුණවර්ධන, හංවැල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 



අදහස් (4)

දෙන්නෙක් බෑව්වා බලපියව්: පොලිසියට ඇමතුමක්

ලුම්බිණි Tuesday, 05 March 2024 09:12 AM

කෝ අනේ ""යුක්තිය""?

:       74       62

palitha Tuesday, 05 March 2024 06:20 PM

පොල් වගා කරාම ලබෙන්නෙ පොල් මිසක් ඇපල් නෙවි. තමන් කල කී දෙවල් වල ප්‍රතිපල තමයි ඔය ලැබෙන්නේ, අයියා පාතාලෙ උනාට මල්ලි හොඳ නන් එයාට මෙහෙම වෙන්නෙ නැ නේ, ඒක කරපු කෙනාටත් ඔය ටිකම තමයි ඉතින් වැඩි කල් නොගිහින්. ස්වභාවධර්මය හොඳින් හෝ නරකින් නඩු විසඳනවා.

:       0       1

Jagath Wednesday, 06 March 2024 10:02 AM

"යුක්තිය" බලුවෙලා

:       1       6

මල් මාමා Wednesday, 06 March 2024 12:05 PM

යුක්තිය රෙද්ද පල්ලෙන් බේරේ. කුඩු මුදලාලිලා බේරන බොන අය අල්ලන මාර යුක්තිය. සිරි ලංකාද්වීපයනේ...!

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 198 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site