IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ රැස්වීමෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම වොෂින්ටන් නුවරදී පසුගියද පැවැත්විණි. එම සංගමයේ සභාපතීත්වය දරන ශ්‍රී ලංකා මහා බැංකුවේ සත්කාරකත්වයෙන් ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රැස්වීම්වලට සමගාමීව එම රැස්වීම පැවැත්වූවේය.

අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීමට කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ සාමාජික රටවල මහා බැංකු අධිපතිවරු, නියෝජ්‍ය අධිපතිවරු, මුදල් ලේකම්වරු සහ මහා බැංකු හා මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

වමේ සිට දකුණට: භූතානයේ රාජකී මුදල් අධිකාරියේ අධිපති දාශෝ පෙන්ජෝරේ මහතා, ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, නේපාල මහා බැංකු අධිපති මහා ප්‍රසාද් අධිකාරි මහතා, බංග්ලාදේශ මහා බැංකු අධිපති ආචාර්ය අහ්සාන් එච් මන්සූර් මහතා, ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාකිස්තාන මහා බැංකු අධිපති ජමීල් අහමඩ් මහතා, මාලදිවයින් මුදල් අධිකාරියේ නියෝජ්‍ය අධිපති අහමඩ් ඉමාඩ් මහතා, ඉන්දීය මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය මයිකල් ඩෙබාබ්‍රාතා පත්‍රා මහතා සහ බංග්ලාදේශ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය මොහොමඩ් කයිරුස්සමන් මොසුම්දර් මහතා

 



අදහස් (0)

දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ රැස්වීමෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site