(අංජුල මහික වීරරත්න)
හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා වන තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය සඳහා මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හමුවේ හිංසනයෙහි වින්දිකයන් බවට පත්වන කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් තාවකාලික රැකවරණය සැලසීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ගම්පහ, රත්නපුර, මොනරාගල, කොළඹ, මාතර, මඩකළපුව, මුලතිව් හා යාපනය යන දිස්ත්‍රික්කවල එක් රැකවරණ නිවාසයක් බැගින් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැකවරණ නිවාස 02 ක් ද වශයෙන් රැකවරණ නිවාස 10ක් පවත්වා ගෙන යනු ලබන අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා රැකවරණ නිවාසයක් 2025 ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඇතැම් රැකවරණ නිවාස වල පරිපාලන හා නඩත්තු වියදම් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සෘජුවම දරනු ලබන අතර, ඇතැම් නිවාස සඳහා අදාළ වියදම් කාන්තා සුබසාධනය මූලික කරගත් සංවිධාන කිහිපයක් විසින් දරනු ලබයි.2020 වර්ෂයේ සිට 2024 වර්ෂයේ දෙවන කාර්තුව දක්වා වින්දිත කාන්තාවන් 2,852 ක් වෙනුවෙන් රැකවරණය සලසා ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 60.35ක පිරිවැයක් දරා ඇත.
එහෙත්, එම කාලය තුළ ඒ වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 37.69 ක් පමණක් ප්‍රතිපාදන වශයෙන් ලැබී ඇති අතර, රුපියල් මිලියන 22 ක පමණ බිල්පත් තවදුරටත් නිරවුල් කළ යුතුව තිබේ. ඒ අනුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 25 ක ප්‍රතිපාදන වෙන් කිරීමටත්, ඉන් අනතුරුව ඉදිරි වර්ෂයන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්
පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබී
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130කට අධ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දුකට පත් කතුන් බලා ගන්න රට පුරා රැකවරණ නිවාස