IMG-LOGO

තේ පර්යේෂණ යන්තරේ හත් අවුරුද්දක්ම කොට උඩ

(ජේ.ඉඳුරුවගේ )

තේ පර්යේෂණ මණ්ඩලය මගින්    තේ පර්යේෂණ කටයුතු සඳහා රුපියල් 12,554,583 ක මුදලක් වැයකර ඉන්දියාවෙන් මිලදීගත් යන්ත්‍රයක් වසර හතක් තිස්සේ කිසිදු  පර්යේෂණයකට   යොදා ගැනීමට නොහැකිව නිෂ්කාර්යව පවතින බව  ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

2017 නොවැම්බර් 24 දින මිලට ගෙන ඇති දේශගුණික විපර්යාස සඳහා තේ ශාකයේ අනුවර්තීය ප්‍රතිචාර අධ්‍යනයට යොදා ගැනීමට යෝජිත  මෙම ( walk in type environmental controlled facility)  යන්ත්‍රය අපේක්ෂිත පිරිවිතර හා ක්‍රියාකාරිත්වය නොපැවතීම නිසා භාවිතයට යොදා ගත නොහැකිවී ඇතැයි  මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලය  නිකුත් කළ    විගණන වාර්තාවකින්  පෙන්වා දී තිබේ.

මෙම කාරණය සම්බන්ධයෙන් මෙම යන්ත්‍රය සැපයූ දේශීය හා විදේශීය සැපයුම්කරුවන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වා ඇති හෙයින් එකී යන්ත්‍රයට වැයවූ මුදල හා එය ගෙවා නිමකරන තුරු  නෛතික පොලියක්ද ලබා ගැනීමට නඩු පැවරීමට කටයුතුකර ඇති බව තේ පර්යේෂණ මණ්ඩලය විසින් විගණනයට දන්වා ඇත.

එම යන්ත්‍රය ප්‍රසම්පාදනයට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගෙන එහි අලාභ අයකර ගන්නා ලෙස විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.



අදහස් (3)

තේ පර්යේෂණ යන්තරේ හත් අවුරුද්දක්ම කොට උඩ

Chinthaka Sunday, 08 December 2024 10:13 AM

ඒ කාලයේ හිටපු ඇමැතිවරයා ගෙන්නපු එකක් වෙන්නම ඕනෑ. අවුරුදු 76 ක් රට කෑවේ දේශපාලුවෝ කියලනේ කියන්නේ මට නම් හිතෙන්නේම නිලධාරින් දේශපාලුවෝ ගොනාට අන්දපු අවස්ථාවක් කියලා තමයි. මෙවැනි කටයුතු වත්මන් ආණ්ඩුවේ අවධානයට යොමුවේවා...!

:       0       7

Lalla Sunday, 08 December 2024 11:13 AM

ඕවා ක්‍රියාත්මක කරන්න දෙන පුහුණුවට මොකුත්ම නොදන්න ලොක්කෝ යන්න ඇති. රාජ්‍ය ආයතනවල කටයූතු එහෙම නේද? වැඩේ කරන්න ඕන එකා කපලා ලොක්කා පුහුණුවට යනවා... නැතිනම් ජරාව කාලා වැඩ කරන්න බැරි යන්ත්‍රයක් අරගෙන... ඒත් වරද ලොක්කාගේ...

:       0       7

Nilantha Sunday, 08 December 2024 04:34 PM

එහෙම කියන්න එපා බං... ලොක්කෝ මොකුත්ම කරන්න නැහැ.. වැවිලි කර්මාන්තය භාර ඇමැතිවරයාම තමයි කරන්න ඇත්තේ.. නිලධාරින්ට දොස් කියන්න හොඳ මදි නේද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි
2025 මැයි මස 14 7 0

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන


කැනඩාවේ හැදූ ඉස්මාරකයට විජිත විරෝධය පළ කරයි
2025 මැයි මස 14 230 0

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍


මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
2025 මැයි මස 14 257 0

කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව


ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ
2025 මැයි මස 14 262 0

කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ


කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2025 මැයි මස 14 225 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ


සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 1018 2

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1386 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1596 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 413 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site