(ටී.කේ.ජී.කපිල)
තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත් වීමට නියමිතව තිබූ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 10කට අධික කාලයක් ප්‍රමාද වීමකට ලක් වී තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය අද දින අලුයම 01.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි .
එහෙත් මෙම ගුවන් යානය පැය 10 යි විනාඩි 27 ක ප්‍රමාද වීමකින් අද දහවල් 11.37 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබේ .
එසේම තායිලන්තයේ බැංකොක් නුවර සිට අද උදෑසන 10.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානය පැමිණෙන නිශ්චිත වේලාවක් නොමැතිව ප්‍රමාද වී තිබේ .
එයට හේතු වී ඇත්තේ මෙසේ කටුනායක ගුවන් තොටුපොළෙන් ප්‍රමාද වී පිටත්ව ගිය ගුවන් යානය තායිලන්තයට ගොස් යළි ආපසු පැමිණිය යුතු නිසාය .
පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග
සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ.
ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ ප්‍රාර්ථනා කරන බව අග්‍රාම
බුද්ධ දේශනාව ප්‍රායෝගිකව වටහා ගනිමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ජනාධිපති අ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තායිලන්ත යානයත් පැය 10ක් ප්‍රමාදයි
කිරිපුතා Wednesday, 04 October 2023 03:03 PM
ලංකාව දැන් රජයක් කියලා එකක් නැද්ද? හැම ආයතනයක් ම තමන්ට ඕනෑ විදිහට වැඩ මග හරින්නේ. මේ සේරම රටේ ආර්ථිකයට බලපාන දේවල්...!
suminda Wednesday, 04 October 2023 03:08 PM
මේවා තමයි නියම නාටක. රටම පාච්චල් කරන්නේ නැතිව ඕක විකුණලා දැම්මා නම් හොඳයි...!
විපරමා pictish9 Wednesday, 04 October 2023 04:32 PM
වැඩි කාලයක් යන්න ඉස්සර විකුණලා දාන්න වෙයි වගේ? මෙම ගුවන් සේවය බන්කොළොත් වෙනතැනට වැඩ සිද්ද කෙරුවේත් දූෂිත, බලලෝභී දේශපාලුවෝ...?
Chuta Wednesday, 04 October 2023 05:05 PM
අනේ අපේ ගුවන් සේවයත් එහෙනම්, දුම්රිය දෙපාර්තමේන්තුවේ තත්ත්වයටම පත්වුණා..
Chuta Wednesday, 04 October 2023 05:08 PM
අනේ අපේ ගුවන් සේවයත් එහෙනම්, දුම්රිය දෙපාර්තමේන්තුවේ තත්ත්වයටම පත්වුණා.