IMG-LOGO

තහනම් පොලිතින් තොගයක් අල්ලයි

(ඩයනා උදයංගනී)‍

මෙරට භාවිතය තහනම් කර ඇති නීතිවිරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” කිලෝ ග්‍රෑම් 100ක පමණ තොගයක් ඉකුත් 13 වැනිදා ගාල්ල නගරයේ දී සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ විමර්ෂණ අංශයට ලද තොරතුරක් අනුව එම අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය, ගාල්ල පොලීසිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ එක්ව මෙම වැටලීම සිදුකර ඇත.

එම පොලිතීන් තොගයේ හිමිකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

දනීතියෙන් තහනම් කර ඇති ග්‍රෑම් 20 හෝ මිලිලීටර් 20ට අඩු සැෂේ පැකට්, හුලං පුරවන ලද සෙල්ලම් බඩු, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස් සහ මයික්‍රෝන 20ට අඩු පොලිතීන් නිෂ්පාදන විකිනීම, ප්‍රදර්ශනය, නිෂ්පාදනය සහ භාවිතය ජාතික පාරිසරික පනත යටතේ නීතියෙන් තහනම් කර ඇති අතර මේ සම්බන්ධයෙන් දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සිදුකරන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.



අදහස් (0)

තහනම් පොලිතින් තොගයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 476 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 262 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site