
(එස්.ඩී.කොඩිකාර)
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝද රථය ඔහුගේ පාලනයෙන් මිදී අඩි 130 ක් පමණ ප්‍රපාතයට වැටී පියා බරපතල තුවාල දෙණියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (02) මියගොස් ඇතැයි දෙණියාය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ නාවින්නහේන ,බටයාය ලිපිනයේ පදිංචි සමන්ත පුෂ්පකුමාර අබේතුංග නැමති (45) හැවිරිදි දෙදරු පියෙකු බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
මියගිය පුද්ගලයා සිය දරුවන් දෙදෙනා සමග තම නිවස පිහිටි නාවින්න හේන ප්‍රදේශයේ සිට දෙනියාය නගරය කරා ගමන් කරමින් සිටින අතරතුර මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත.
අනතුරින් පස් හැවිරිදි පුතා විසි වී ගොස් සුළු තුවාල ලබා ඇති අතර (18) හැවිරිදි දියණියද තුවාල ලබා ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රථවාහන අංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට