( රංජිත් රාජපක්ෂ )
අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඩා ඇළ මාර්ගයකට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් මගියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් දික්ඔය මාණික්‍ය වත්තේ පදිංචි කාර්තික වරායන් සුන්දරම් (63) නැමති තිදරු පියෙකි.
මරණකරු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට රැගෙන යන අවස්තාවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව පොලිසිය පැවසිය.
හැටන් සිට මරණකරු පදිංචි වතුයාය දක්වා ත්‍රිරෝද රථය ධාවනය කරවන අවස්තාවේදී ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන ත්‍රිරෝද රථය ඇළ මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බව පොලීසිය පැවසීය.
ත්‍රිරෝද රථය අනතුරට පත්වන අවස්තාවේ ත්‍රිරෝද රථය තුල රියදුරා සමග මගින් තිදෙනෙකු ගමන් කර ඇති අතර , අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරා ඇතුළු මගින් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ත්‍රිරෝද රිය පෙරැළී අයෙක් මරුට