(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
ඉංගිරිය මෙනේරිගම,ඉඳිකටු හන්දිය සපත්තු පාලම මතදී ත්‍රීරෝද රථයක් සැඩ පහරට අසුව ගසා ගෙන යාමෙන් එහි රියදුරු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය රමුක්කන ගම මඩකඩ පදිංචිව සිටි රඹුක්කනගේ ශ්‍රීමාල් 46 දෙදරු පියෙකි
ඉංගිරිය නගරයට පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙනේරිය ගම දක්වා කුලී ගමනක් යාම සඳහා මිය ගිය රියදුරු කැඳවාගෙන ගොස් තිබූ අතර ඉදිකටු හන්දියේ සපත්තු පාලම අසලට පැමිණෙන විට ඒ මතින් අඩි දෙකහමාරක් පමණ උසින් යුත් ජල කඳක් පැවතීම හේතුවෙන් ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් බැස ත්‍රීරෝද රථ රියදුරුට නැවත ඉංගිරියට යන ලෙස පවසා තිබූ බව පොලිසිය කියයි.
කුලී ගමන පැමිණි පුද්ගලයන් ගේ පුද්ගලයන් ගේ විරෝධය නොතකා ත්‍රීරෝද රථ රියදුරු ත්‍රීරෝද රථය ජල කඳ හරහා ධාවනය කිරීමට යාමට උත්සාහ කිරීමේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් තිබූ අතර සිද්ධිය දුටු කුලී ගමන පැමිණි පුද්ගලයන් දෙදෙනා ගේ කෑගැසීම ඇසීමෙන් ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණියත් රියදුරු බේරා ගැනීමට නොහැකි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ත්‍රිරොද රිය ගසාගෙන යයි:රියැදුරු මරුට