
(ප්‍රසාද් රුක්මල් )
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වාහන බ්‍රෝකර්වරයෙක් අද (15) අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
මඩොල්සිම බටාවත්තේ පදිංචි 27 හැවිරිදි සිව්දරු පියෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .
හාලිඇල රොසට්වත්තේ පදිංචිව සිටි විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක තරුණයකු මෙසේ ඝාතනයට ලක්වූ බවත් , මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට ඇද දැමූ මොහුගේ සිරුර අද (15) දහවල් වන විටත් සොයා ගැනීමට නොහැකි විනැයි පොලිසිය පැවසීය .
මෙම තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර එහි ප්‍රධාන සැකකරු බව කියන මඩොල්සිම බටාවත්තේ පදිංචි හාලිඇල ක්වින්ස්ටවුන්වත්තේ කාන්තාවක සමග විවාහ වී සිටින 34 හැවිරිදි චන්ද්‍රබොස් දයාලන් නමැති එක්දරු පියෙකු හාලිඇල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබිණි .

2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි