IMG-LOGO

තරුණයන්ගේ ඉල්ලීම පිළි නොගත්තොත් එය දේශපාලන විප්ලවයක්

(අංජුල මහික වීරරත්න)

තරුණයන්ගේ ඉල්ලීම පිළි නො ගත්තොත් එය දේශපාලන විප්ලවයක් බවට පත් වෙිවි යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ  පැවති සාකච්ඡාවකදී පැවසීය.

"අප බලන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩු පෙරලියක් කරන්නයි. තරුණයින් බලන්නේ වීදියෙන් දේශපාලන පෙරලියක් කරන්නයි"යනුවෙන් පැවසූ වික්‍රමසිංහ මහතා එය විශාල බලවේගයක් බවත් එක්සත් ජාතික පක්ෂයේ ද එම බලවේග ඉස්මතු වී ඇති අතර  වීදියේ සටන් වලට එකතු වීම සඳහා තමා එජාපයේ තරුණ තරුණියන්ට අනුමැතිය දුන් අතර අරගලය සාමකාමීව කරන්නැයි උපදෙස් ලබා දුන්  බවද සඳහන් කළේය.

තරුණයින්ට අනාගතය නැති වීමේදී දැනෙන බිය තමා දන්නා අතර තරුණයින් සාමකාමීව කටයුතු කිරීම ගැන  ප්‍රශංසා කරන බව කී රනිල් වික්‍රමසිංහ මහතා  පවතින ක්‍රමවේදය වෙනස් කළ යුත්තේ ව්‍යවස්ථාව තුළින් යැයිද  ව්‍යවස්ථාව එක් වරක් කැඩුවොත් එය යළි කැඩීම පහසුවනු ඇතැයිද සඳහන් කළේය.

පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහිත ආණ්ඩුව, දේශපාලන පක්ෂ වැනි සියල්ලන් ගේම බලය හීන වී අලුත් බලයක් නිර්මාණය වී තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.



අදහස් (1)

තරුණයන්ගේ ඉල්ලීම පිළි නොගත්තොත් එය දේශපාලන විප්ලවයක්

Bamunuarachchi Tuesday, 12 April 2022 09:02 AM

තරුණ තරුණියෝ මොනවද ඉල්ලන්නේ? ආණ්ඩුව ගෙදර යවන්න ඊට පස්සේ කාවද පත් කොරන්නේ කියලා ඔවුන් කියනවාද? අරාබි කියමක් තිබෙනවා ඉන්න කෙනා යනවාට සතුටු වෙන්න ඕනේ එතනට එන කෙනා කවුද කියලා දැනගෙන. කියලා. සිංහලෙන් කියන්න කැහි ගැහැණි පන්නලා හොටු ගැහැණි ගන්නවා කියලා. කවද පත් කර ගන්නේ කියලා ඔය තියන තරුණ තරුණියෝ දන්නේ නැහැ. අපි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න දන්නේ නැහැ. ඔවුනට ප්‍රශ්නත් නැහැ උත්තරත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 921 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1315 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site