IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තබ්බෝව අවලස්සන කරයි

(එච්.චන්දන සහ ජයරත්න වික්‍රමආරච්චි)

පුත්තලම - අනුරාධපුර ප්‍රධන මාර්ගයේ කරුවලගස්වැව තබ්බෝව අභය භූමියට අයත් ප්‍රධාන අලිමංකඩ පිහිටි සැතපුම් 3ක් පමණ වන මාර්ගය දෙපස කොටසේ විවිධ පුද්ගලයන් දමා යන කැළි කසළ හේතුවෙන් එම ප්‍රදේශය දැඩි පාරිසරික තර්ජනයකට ලක්වී ඇතැයි ප්‍රදේශවාසී ජනතාව කියා සිටිති.

මේ නිසා තබ්බෝව අභයභූමියේ වෙසෙන අලි ඇතුන් ඇතුළු වනසතුන්ගේ ජීවිතවලටද තර්ජනයක් එල්ලවිය හැකි බවද ඔවූහු පෙන්වා දෙති.

තබ්බෝව අභය භුමිය හා කහල්ල පල්ලෙකැලේ අභයභූමිය අතර වනසතුන් එහා මෙහා ගමන් කරන අලි මංකඩ වැටී ඇත්තේ පුත්තලම-අනුරාධපුර මාර්ගයේ මෙම ප්‍රදේශය හරහාය. ඒ අනුව මෙම ප්‍රදේශය තුළ නිරන්තරව අලි ඇතුන්, රිළවුන් ඇතුළු විවිධ වනසතුන් මෙම ප්‍රදේශයේ නරන්තරව සැරි සරයි.

එසේම මහජනතාවට වනසතුන් නැරඹීම සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිත ගල්විල පාරිසරික උද්‍යානය පිහිටා ඇත්තේද මෙම ප්‍රදේශයේය.

ඒ අනුව අදාළ ප්‍රදේශයේ පාරිසරික වටිනාකම මෙන්ම ඇති සුන්දරත්වය හා වටිනාකම පිළිබඳවත්, එසේම මෙම ප්‍රදේශයට අපද්‍රව්‍ය බැහැර නොකරන ලෙසටත් සඳහන් නාමපුවරු රැසක්ම ජනාධිපති ලේකම් කාර්යාලය හා කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් කාර්යාලය මගින් මාර්ගය දෙපස ප්‍රදර්ශනය කිරීමට සලස්වා ඇතැත් දිගින් දිගටම මෙම ක්‍රියාව සිදු කරන බව පවසති.

 



අදහස් (0)

තබ්බෝව අවලස්සන කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site