IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


තද බැක්ටීරියා ලෙඩට බේතක් පකිස්ථානයෙන්

(අංජුල මහික වීරරත්න)

මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 270,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

උග්‍ර බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන එන්නතක් වන මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 900,000 ක් සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය පාකිස්ථානයේ M/s Genix Pharma (Pvt) Ltd වෙත පිරිනැමීම සඳහා 2024-12-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

එම එන්නත සඳහා වැඩි වන ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, පෙර ඇනවුමෙන් 30%ක ප්‍රමාණයක් එනම්, වයල්ස් 270,000 ක වැඩි වීමක් නැවත ඇනවුමක් වශයෙන් ලබා ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. 

ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 270,000 ක් පෙර සැපයුම්කරු වන පාකිස්ථානයේ M/s Genix Pharma (Pvt) Ltd වෙතින් සපයා ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

තද බැක්ටීරියා ලෙඩට බේතක් පකිස්ථානයෙන්

රුවන් Wednesday, 04 June 2025 09:46 AM

සමාගම නරක නෑ ප්‍රංශයට, සිංගප්පූරුවට, තායිලන්තයට, චීනයට, තුර්කිය වගේ රටවල් වලටත් බෙහෙත් අපනයන කරන ඖෂධ සමාගමක්. එහෙම නැතුව ගිය ආණ්ඩුවේ වගේ ටෙන්ඩර් එක දෙන දවසට කලින් දවසේ ආරම්භ කරපු සමාගමක් නෙමෙයි මේක.

:       0       0

Dr Himali HerathWednesday, 04 June 2025 11:12 AM

මේ ඉතින් ගිය ආණ්ඩුව බෙහෙත් ගෙනාපු තැනක් ම තමා . මොකක්ද වෙනස . ඒ ගොල්ලෝ ගෙනාපු ගානට වැඩ වැඩියෙන් මේගොල්ලෝ වැඩි ගානට ගෙන එකනේ මේ කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 275 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 298 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 455 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site