IMG-LOGO

තණමල්විල ඩිපෝවේ ලංගම බස් රථ ධාවනය නවතී

(අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න)
 
තණමල්විල ඩිපෝවේ සේවයකයන් 6දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරුවීම හේතුවෙන්, සෙසු සේවකයන් ද සේවයට වාර්තා නොකිරීමෙන් ඩිපෝවේ කටයුතු සම්පූර්ණයෙන් ඇණිහිටි බව ඩිපෝ කළමනාකාර යු.ඒ. නන්දතිලක මහතා සඳහන් කළේය.
 
මේ වනවිට තණමල්විල ලංගම ඩිපෝවෙන් ධාවනය වන සියලූම බස්රථ ධාවනය නොවන බවද ඩිපෝ කළමනාකාරවරයා සඳහන් කළේය.
 
රියදුරන් තිදෙනෙකුට සහ කොන්දොස්තරවරු තිදෙනෙකුට කෝවිඞ් ආසාදිත බව පසුගිය 21දා කළ පීසීආර් පරීක්‍ෂණයකින් තහවුරුවූ බවද හම්බෙගමුව මහජන සෞඛ්‍ය පරික්‍ෂක ඩබ්.ඒ.පී. සඳකැලූම් මහතා සඳහන් කළේය.ඉන් අනතුරුව තණමල්විල ඩිපෝවේ සේවකයින් 103 දෙනෙකු 25දා පීසීආර් පරීක්‍ෂණයන්ට ලක්කළ බව ද ඒ මහතා කීය.තණමල්විල ඩිපෝවේ ඩිපෝ කළමනාකාරවරයා ඇතුලූ රියදුරන්, කොන්දොස්තරවරුන්, කාර්මික අංශයේ සහ කාර්යාලයේ සේවය කරන සියලූ නිලධාරින් මෙසේ පිසීආර් පරීක්‍ෂණයට යොමුකරන ලද බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කීවේය.



අදහස් (0)

තණමල්විල ඩිපෝවේ ලංගම බස් රථ ධාවනය නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 339 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 513 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 206 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site