IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තක්සේරු නොකළ කෞතුක මැණික් 271 ක් වසර 60 ක් බැංකුවක

(ජේ.ඉඳුරුවගේ)

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ භූ විද්‍යා අංශයට අයත්ව ලංකා බැංකුවේ මෙට්‍රොපොලිටන් ශාඛාවේ තැන්පත් කර ඇති මැණික් ගල් 271 ක වර්තමාන   වටිනාකම  තක්සේරු කිරීමට මේ දක්වා පියවර ගෙන නැතැයි  ජාතික විගණන කාර්යාලය 2023 වසරට අදාලව  කෞතුකාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වූ විගණන වාර්තාවක් මගින්   අනාවරණය කරයි.

කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් මැණික් ගල් 272 ක් ආරක්ෂාව සඳහා 1964.09.18 දා සිට  බැංකුවේ තැන්පත් කර ඇති අතර 1993 දී සිදුකළ භෞතික  පරීක්ෂාවකදී   එයින්  කෘත්‍රිම ගලක් බවට හෙළිවූ එක් ගලක්   බැංකුවෙත් ඉවත්කරගත්   පසු දැනට ඇති මැණික්  ගල් 271 හි වර්තමාන මූල්‍ය වටිනාකම තක්සේරු කළ යුතු බව   කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත විගණන නිර්දේශ ලබාදී ඇත. 

එම මැණික් ගල් තක්සේරු කිරීම බැංකුව තුළදී කළ නොහැකි බවත් ඒවා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රසායනාගාරය වෙත ගෙන යා යුතු බවත් එම  අධිකාරිය දැනුම් දුන් බව   කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා  විසින් විගණන කාර්යාලය වෙත පිළිතුරු ලබාදී ඇත.

 

 

 



අදහස් (2)

තක්සේරු නොකළ කෞතුක මැණික් 271 ක් වසර 60 ක් බැංකුවක

ගුණරත්න Thursday, 24 October 2024 03:06 PM

ඒ කාලෙත් කෘතීම ගලක් අහු වුණා කියන්නේ කවුරුහරි හොඳ ගලකට මාරු කරලා. ඔය ගල් භාරදුන් නිලධාරීන් ගණන් බැලු නිලධාරීන්ගේ වත්කම් පරීක්ෂා කර බැලුවොත් හොයාගන්න ලැබෙයි. කවුද එකවරටම ධනවත් වූ තැනැත්තන් කියලා.

:       0       1

Shashika519 Thursday, 24 October 2024 03:29 PM

ඕවා විකුණලා දාලා ඒ මුදලින් ආයෝජකයක් පටන් ගනිල්ලා.

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site