IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩොලර් එකේ මංකොල්ලයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ඩොලර් 1 ක මුදලක් බැංකුවකින් මංකොල්ල කෑමට ගිය පුද්ගලයකු ඇමෙරිකානු පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. සැකකරු 65 වියැති ඩොනල්ඞ් සැන්ටාක්‍රොස් නැමැති පුද්ගලයකු බව ඇමෙරිකානු පොලිසිය ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකාවේ සෝල්ට් ලේක් නගරයේ වෙල්ස් ෆාර්ගෝ බැංකුවට සැකකරු ඇතුළු වී කොළ කැබැල්ලක් ලියන ලද සටහනක් බැංකු නිලධාරීන් වෙත ලබා දී තිබේ.”සමාවෙන්න මේක මකොල්ල කෑමක් කරුණාකරලා මට ඇමෙරිකානු ඩොලර් 1 ක මුදලක් ලබා දෙන්න ස්තුතියි”ලෙස එම සටහනේ සඳහන් වී තිබී ඇත.

බැංකු නිලධාරීන් සැකකරුට ඇමෙරිකානු ඩොලර් 1 ක මුදලක් ලබාදී ඔහුට පිටව යන ලෙස පවසා ඇත.නමුත් සැකකරු එය ප්‍රතික්ෂේප කර ඇති අතර පොලිසියට මංකොල්ල කෑම පිළිබඳ දැනුම් දෙන ලෙස පවසා පොලිසිය පැමිණෙන තුරු බැංකු පරිශ්‍රයේ රැඳී සිට තිබේ.

පොලිසිය පැමිණීමෙන් පසු ඇමෙරිකානු ඩොලරයේ මුදල් නෝට්ටුව පොලිසියට භාර දී ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස සැකකරු ප්‍රකාශ කර තිබේ.නිදහස් කළහොත් නැවත වරක් බැංකුවක් මංකොල්ල කන බවද සැකකරු පවසා ඇත.



අදහස් (8)

ඩොලර් එකේ මංකොල්ලයක්

බද්රානි Thursday, 09 March 2023 04:35 PM

ලංකාවේ රුපියල් වගේ අධික වටිනාකමක් තියන මුදලක් හොරකම් නොකර, මේ දිනපතාම අගය අඩුවෙන ඩොලරයක් හොරකම් කරන්න ඒ මනුස්සයාට පිස්සුද මන්දා? මම මේ බයෙන් ඉන්නේ කාලෙක ඉඳලා කැටයක දාලා ඉතුරු කරගත්තු රුපියලේ කාසි ටික ඇමරිකන් කාරයෝ ඇවිත් මංකොල්ලකයි කියලයි.. සිරි ලාංකිකයින් විදිහට අපි හැම දෙනාම පරිස්සන් විය යුතු කාලයක් මේක..

:       54       26

පිටිගල මිලානෝ Thursday, 09 March 2023 05:02 PM

ඇමරිකාවේ ස්ටැටන් අයිලන්ඩ්වල ලංකාවේ බත්කඩවලත් රෑට බිබී මේ වාගේ බොරූ ෂෝ දාන ලාංකිකයින් හරියට ඉන්නවා…

:       46       7

stanly - usThursday, 09 March 2023 07:34 PM

ඉන්නවා ඉන්නවා !!! එත් ඉතාලියේ ඉන්න මොලේ අමාරුකාර ශ්‍රී ලාංකිකයින් තරම් අශෝභන, ගඳගහන, මස්තබාල්දු වැඩ මෙහෙ අය කරන්නේ නැහැ. වයස අවුරුදු 80 ක ඉතාලි ආච්චි කෙනෙක්ව රේප් කලෙත් මිලානෝවල ඉන්න ශ්‍රී ලාංකික නෂ්ටකාමයෙක් තමයි. දැන් ඒකා කූඩුවේලු. පිටිගලමිලානෝ, අනුන්ගේ වැරැදි, ඇදකුද, හොයන එක ශ්‍රී ලාංකික බහුතරයකගේ රස්සාව බව ඔබගේ වැඩවලින්ම පෙනෙනවා.

:       3       41

නන්දන පනා-මිලානෝFriday, 10 March 2023 12:15 AM

ඔව් ඔව් ඒ අපරාධකාරයා වෙන්නප්පුවේ කෙනෙක්.

:       0       2

බද්රානිFriday, 10 March 2023 02:14 PM

ඇත්තමයි stanly us, ඔය ඉතාලියේ නම් ඉන්නේ මහා නොසණ්ඩාලයින් තමයි. පල් මෝඩ ගෝත්‍රිකයෝ. කොහෙන් ඉතාලියට පාත් වුණු එවුන්ද දන්නේ නැහැ. දැක්කනේ පහුගිය ජනාධිපතිවරණයේ දඟලගෙන ලංකාවට ආපු හැටි.. හැබැයි ඉතින් ලංකාවේ දකුණේ කෙනෙක් නම් ඉතින් ඉතාලි, ඇමරිකාවේ කියලා වෙනසක් නැහැ. කොහේ හිටියත් අර කාපු පතේ පහරන ජන්ම ගතිය එළියට එනවා. හා නැද්ද?

:       2       2

namaml Thursday, 09 March 2023 05:55 PM

මම හිතන්නේ හෝම්ලස් මනුස්සයෙක්... සමහර හෝම්ලස් අය සීතලෙන් බේරෙන්න හා හිසට වහලක් හා ආහාර ලැබෙන නිසා කැමැත්තෙන් හිරේ යන්න මේ වගේ වැඩ කරනවා...

:       0       36

Bamunuarachchi Friday, 10 March 2023 08:06 AM

මේ හාදයාට හිරගෙදර ඉන්න එක සැපයි කියලා හිතෙන්න ඇති.

:       0       1

Prison Break Sunday, 12 March 2023 02:15 AM

ප්‍රිසන් බ්‍රේක් සීන් එකක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site