(ගයාන් සූරියආරච්චිසහ රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය ඩිපෝවේ ආරක්ෂක නිලධාරියාගේ ගෙල කපා ඝාතනය කර එම ගොඩනැගිල්ලේ විවේක කාමරයේ අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 10 ක මුදල් කොල්ල කෑ බව කියන එම ඩිපෝවේම මුදල් අයකැමි, රියැදුරකු ඇතුළු තිදෙනෙක් නුවරඑළිය පොලිසිය විසින් ඊයේ (7) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල නෙළුම්වැව, වැලිගෙපොළ සහ මහව ප්‍රදේශවල පදිංචි 55,33 සහ 40 හැවිරිදි පුද්ගලයන් බව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඒ. යෝගනාදන් නැමැති 85 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.
මෙම ඝාතනය එම ඩිපෝවේ අයකැමි සැලසුම් කර තිබූ අතර සිද්ධිය වූ දින රාත්‍රියේ අයකැමිගේ ප්‍රධානත්වයෙන් මත්පැන් සාදයක් පවත්වා ඇත. පසුව අනෙක් සියලු දෙනා වෙරි මතින් නින්දා ගත් පසු සැකකාර රියැදුරා විසින් තම මිතුරෙකු වන මහව ඩිපෝව ඇතුළට ගෙන්වා ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුව සැකකරුවන් ඩිපෝවේ ආරක්ෂක නිලධාරීව සිටි මියගිය පුද්ගලයා අල්ලා ගැටගැසීමට යාමේදී ඔහු දගලමින් කලබල කිරීමේදී මහව ප්‍ර දේශයේ සැකකරු විසින් තියුණු ආයුධයකින් ආරක්ෂක නිලධාරියාගේ ගෙල ප්‍රදේශය කපා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව සැකකරුවන් විවේක කාමරයේ අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ 10 ක මුදලක් කොල්ලකා පලාගොස් තිබුණි. සැකකරුවෝ නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් අඹගහවත්ත මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණ.
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව
කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව
දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඩිපෝ ආරක්ෂක ඝාතනයට මුදල් අයකැමි අත්අඩංගුවට