IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩංගුවට ගෙන ඇතැයි නූංගමුව පොලිසිය කියයි .

ඊයේ( 26) මධ්‍යම රාත්‍රියේ දී  නුංගමුව පොලිස් වසමේ දෙල්ගහමැඩිල්ල, ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මෙම සැකකරු හා ගිනි අවිය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

විශ්‍රාමික ආබාධිත හමුදා නිලධාරියකු සතුව ගිනි අවියක් ඇති බවට   ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින්ට ලැබුණු වැඩ තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත .

අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවේ සේවය කරමින් සිට පාදයකට චෙඩි වැදීම හේතුවෙන්  ආඛාධිත සෙබලෙකු ලෙස 1993 වර්ෂයේ දී සේවයෙන් විශ්‍රාම  ලබා ඇති පුද්ගලයකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පොලිස් අත්අඩංගුවට ගැනුණු ටී පනස් හය වර්ගයේ ගිනි  අවිය සැකකරුගේ  බාප්පා කෙනෙකු වූූ වසරකට පමණ පෙර දී මරණයට පත් වූ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු විසින් ලබාදුන් එකක් බව සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති අතර එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය අනාවරණය කර ගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි 

 

 

 



අදහස් (1)

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට

බකල ජයා Friday, 27 September 2024 09:36 AM

මොකක් හරි කුණුගොඩක්නං, අනිවාර්යයෙන්ම දේශපාලකයෙක් කොහෙන්හරි ගෑවිලා ඇති. ලංකාවේ මිනිස්සුන්ගෙ සාමාන්‍යයයෙන් හැටිද, නැත්තං පක්ෂවලින් නාමයෝජනා දෙන්නෙ මේ වගේ අයට විතරද?

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site