IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටී එම් වී පි මහලේකම් අත් අඩංගුවට

( ටී එල් ජවුෆර්ඛාන් )
 
තමිල් මක්කල් විඩුතලයි (විමුක්ති  කොටි පක්ෂයේ  මහ ලේකම් හා නැගෙනහිර පළාත් හිටපු මන්ත්‍රී පූ ප්‍රසාන්තන් මහතා  අද(12) අත් අඩංගුවට ගෙන තිබේ.
 
කොළඹ සිට පැමිණි  අපරාධ පරීක්ෂණ  අංශ නිලධාරීන් විසින් අද  උදෑසන  ඒ මහතා   මඩකලපුවේදි අත් අඩංගුවට ගෙන තිබිණි.    
 
2008   වසරේ  ආරයම්පතිහි ද්විත්ව ඝාතන නඩුව සම්බන්දව  ඔහු සාක්කිරුවන්ට තර්ජනය කළැයි  මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
 
මඩකලපුව දිස්ත්‍රික්ක හිටපු මන්ත්‍රී  ජෝසප් පරරාජසිංගම්  2005.12.25වන දින  මඩකලපුව  ශාන්ත මරියාල් දෙව් මැදුරතුළ  නත්තල් සමරමින් සිටියදී ඝාතනය කරන ලද සිද්ධිය සම්බන්ධව  අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගතකර සිටින මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික්ක සම්බන්ධීකරන කමිටු සම සභාපති සිවනෙසතුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්ගේ නායකතවයෙන් යුත්  ටි එම් වී පි පක්ෂයේ මහ  ලේකම් ප්‍රෂාන්තන්  පසුගිය මහ මැතිවරණයේ තරග කර ඡන්ද 16,000 ක් ලබා තිබීම විශේෂත්වයකි



අදහස් (1)

ටී එම් වී පි මහලේකම් අත් අඩංගුවට

De Thursday, 12 November 2020 10:28 AM

බොරු වැඩ .... මෙවා ජනතාවගේ සල්ලිකන වැඩ...

:       8       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site