(අංජුල මහික වීරරත්න)
දේශගුණික ඔරොත්තු දීමේ බහු - අදියර වැඩසටහන් ප්‍රවේශ ව්‍යාපෘතිය යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මූලස්ථානයේ සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස උපදේශන සමාගමක සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා රජය විසින් 2021 ඔක්තෝබර් මාසයේ සිට ලෝක බැංකුවේ සහාය ඇතිව දේශගුණික ඔරොත්තු දීමේ බහු - අදියර වැඩසටහන් ප්‍රවේශය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.
එය 2030 දක්වා ක්‍රියාත්මක වන වසර 9 ක මුල පිරීමක් වන අතර, එහි පළමු අදියර (2021-2026) ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (IBRD) සහ ලෝක බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 92 ක ණය මුදලක් ලබාගෙන තිබේ.
ඉහළ බලපෑම් සහිත කාලගුණය, ගංවතුර හා නායයෑම් පුරෝකථනය සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැඩි දියුණු කිරීම මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මූලස්ථානයේ සහ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම එකී ව්‍යාපෘතියේ පළමු අදියරේ එක් සංරචකයක් වශයෙන් හඳුනාගනු ලැබ ඇත.
එම සංරචකය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය උපදේශන සේවා ලබා ගැනීම පිණිස උපදේශක සමාගමක් තෝරා ගැනීම සඳහා තරගකාරී ලංසු කැඳවා ඇත.
ඒ අනුව, ඉදිරිපත් වී ඇති ලංසු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව එකී උපදේශන සේවාව සැපයීමේ කොන්ත්‍රාත්තුව M/s Green Tech Consultants (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ටක්කෙටම අනාවැකි කියන්න ’’කාලගුණේට’’ හයියක් දෙයි
Manjula Bogoda Tuesday, 20 May 2025 09:16 PM
කිසිම වැඩකට නැති ආයතනයක්. මහජන මුදල් නිකරුනේ වියදම් වෙනවා.