IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 

අත්අඩංගුවට ගත් එම සැකකරු හිටපු ගුවන් හමුදා සෙබළෙක් බව පොලිසිය සඳහන් කරයි

සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ කොළඹ 12 කෙසෙල් වත්ත සොන්ඩර් පෙදෙස  පදිංචිව සිටි ඉන්ද්‍රාණි මල්කාන්ති නමැති 32 හැවිරිදි  කාන්තාවකි.

මරණකාරිය ඉකුත් 7 වෙනිදින පිටකොටුව මිහිඳු මාවත අසල මධ්‍යම රාත්‍රී රැඳී සිටියදී මධ්‍යම රාත්‍රී දොළහට පමණ   සැකකාර ගුවන් හමුදා සෙබලා සමඟ තීරෝද රථයකින් ටෙක්නිකල් හන්දිය නවාතැන්පොලක් වෙත පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණීය ඇත.‍ෙ

එහිදී දෙදෙනා අතර නවාතැන්පොලේදී මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බහින් බස් වීමක් සිදුවී ඇති අතර කාන්තාව ඔහු   ප්‍රතික්ෂේප කර නවාතැන් පොලින් පිටතට පැමිණ මගහැරීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.

එහිදී එම පුද්ගලයා විසින් ඔහු ලබා දුන් මුදල් ඉල්ලමින් එම කාන්තාවක පසුපස පැමිණ ඇති බවත් එහිදී දෙදෙනා අතර ගැටුමක් ඇතිවී ඇති අතර එම පුද්ගලයා පිටුපස කලිසම් සාක්කුවේ සඟවාගෙන තිබූ කුඩා පීහියක් රැගෙන කාන්තාවගේ මූහුන හා ගෙල ප්‍රදේශයේ අවස්ථා කීපයකදී කපා ඇතැයි පොලිසිය කියයි.

 

 

 



අදහස් (1)

ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි

minoli Tuesday, 08 October 2024 07:11 PM

දෙදෙනාටම ලැබිය යුතු දේ ඔවුන්ට ලැබුණි.

:       10       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site