IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ජල ටැංකියට වැටී පිය-පුතු මරුට

(ඩි.ජි.සුගතපාල)

බටදුව පිහිටි සුප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ජල ටැංකියට වැටි එම කම්හලේ 37 හැවිරිදි විධායක  නිලධාරියෙකු සහ ඔහුගේ නව හැවිරිදි පුතා අද(15 ) මියගොස් ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අක්මිමණ තල්ගමපල පදිංචි පිය පුතු දෙපලකි.

අලුත් අවුරුදු නිවාඩුවට කම්හල වැසිමෙන් පසු දින දෙකෙන් දෙකට මාරුවෙන් මාරුවට පැමිණ කම්හල පරික්ෂා කිරිමට විධායක ශ්‍රේණියේ නිලධාරින් කිහිප දෙනෙකුට පවරා ඇති අතර ඒ අනුව අද දිනයේ මියගිය නිලධාරියා පැමිණ ඇත.

අද දිනයේ ඔහු පැමිණෙන විට ඔහුගේ නව හැවිරිදි පුතාද පැමිණ ඇත.ඔහු පුතා සමග උදේ 10.30ට කම්හල් භුමියට ඇතුලු වුවත් දහවල් 2.00  වනතුරුත් පිටතට නොපැමිණි නිසා ආරක්ෂක නිලධාරින් සොයා බැලිමේදි යන්ත්‍ර සුත්‍ර සිසිල් කිරිමට ජලය ලබා ගන්නා වතුර ටැංකියේ පිය පුතු දෙදෙනො වැටි සිටියදි සොයාගෙන ඇත.

පසුව ඔවුන් ගොඩට ගෙන කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බව කරාපිටිය රෝහල් පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසිය.

මියගිය අයගේ මරණ පරික්ෂණ කරාපිටිය රෝහලේදි පැවැත්විමට නියමිත අතර අක්මිමණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මධුරංග අරුමප්පෙරුම මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (0)

ජල ටැංකියට වැටී පිය-පුතු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 871 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1289 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site