(යොහාන් භාසුර)
ජනාධිපතිවරයා විනිසුරුවරු කැඳවා මැතිවරණය පැවැත්වුවහොත් කිසිඳු දේශපාලන පක්‍ෂයකට සියයට 50 ක් ගන්න බෑ කියන එක හරහා අනියම් ආකාරයට බලපෑම් කළේ යැයි සැකයක් මතු වන බවත් ජනාධිපතිවරයා විනිසුරුවන් කැඳවා කළ එම ප්‍රකාශයට විරෝධය දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (9) පැවසීය.
මැතිවරණ සම්බන්ධයෙන් නඩු ආවම යම් යම් තීන්දු දීලා අපරාදේ මැතිවරණයක් තියන්නේ කියන කාරණය එහිදී ජනාධිපතිවරයා කියන්න උත්සහ කළේ යන ගැටලුව මතු වන බව කී ඩිලාන් පෙරේරා මහතා අනියම් විදියකට බලපෑමක් කළා ද, විධායකට අධිකරණයට බලපෑම් කරන්න පුළුවන් ද, යන ගැටලුව මතුවන බව ද සඳන් කළේය.
එහි සිටි ඇතැම් විනිශ්චකාරවරුන් මැතිවරණයට සල්ලි දෙන්න කියලා තීන්දු දීපු විනිසුරුවන් බව කී මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයාගේ සියයට 50 ප්‍රකාශය කිසිඳු සත්‍යයක් නොමැති ප්‍රායෝගිකව බොරුවක් බවත්ය.
මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් තිබුණොත් ආණ්ඩු පක්‍ෂයට සියයට 20 ක් සහ විරුද්ධ පක්‍ෂයට සියයට 80 ක් ඡන්ද ලැබෙන බවත් ජනාධිපතිවරණයේදී සියයට 80 යම් යම් කොටස්වලට කැඩෙනවා කියලා හිතාගෙන ජනාධිපතිවරයා කිසිවෙක්ට සියයට 50 ක් නොලැබෙන්නේ යැයි කියන බවත් ඒ මහතා කීය.
‘නිදහස ජනතා සභාව’ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (09) එසේ පැවසීය.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවාදැයි සැකයි
de silva Friday, 09 June 2023 06:24 PM
මිස්ටර් කින් කියලා එයාට කිව්වේ ඉස්සර... දැන් එහෙම නැහැ... ඕනම ජරා වැඩක් කරනවා.
Rata Perata Friday, 09 June 2023 10:58 PM
ඔහෙලට සැක වුණාට අපිට නම් කිසිම සැකයක් නෑ. හිටපු අයත් කළා. ඉන්න කෙනත් කරනවා. අධිකරණයත් නමනවා. ඕක තමයි ඇත්ත.
Yogananda D.N. Saturday, 10 June 2023 06:39 AM
මේ ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට කරන්න බැරි පිරිමියෙක් ගැහැණියක් කිරීමත් ගැහැණියක් පිරිමියෙක් කිරීමත් පමණමයි කිව්වේ ව්‍යවස්ථා නිර්මාපකයා බව මේ හාදයා නො දැනද මේ කටමැත දොඩවන්නේ...? දැන් ජනාධිපතිතුමාට අවශ්‍ය ඕනෑම වෙලාවක පාර්ලිමේන්තු ගැලරිය විසුරුවන්න පුළුවන් කියලා සිහිතබා ගත්තොත් හොඳයි...
HELAYA Saturday, 10 June 2023 12:43 PM
අධීකරණයේ ඉහළම තනතුර දරපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක නෝනා... පාර්ලිමේන්තුවට ගෙනැල්ලා අපහාස කරලා එළවනකොට නිදියගෙනද හිටියේ...?