
(සුජිත් හේවාජුලිගේ සහ ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක කළ යුතු අවසාන ආරක්ෂක වැඩපිළිවෙල පොලිස් ප්‍රධානීන්ට අද (19) දුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානී ගුණතිලක මහතා ලංකාදීපයට පැවසීය.
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා බට පිරිස් අවශ්‍ය තරමට ලබාදීමට එකඟ වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් රට පුරා පොලිස් මාර්ග බාධක රැසක් පිහිටුවීමට උපදෙස් දී ඇතැයි පැවසූ ලේකම්වරයා ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවේ යැයි බලාපොරොත්තු විය හැකි ප්‍රදේශවලට අමතර ආරක්ෂාවක් සපයන බවද සඳහන් කළේය.
මේ අතර තර්ජන පවතින ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ආරක්ෂාව සැපයූ බවත් ප්‍රචාරක කටයුතු අවසන්ව ඇති හෙයින් අනෙකුත් අපේක්ෂකයන්ට තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය වේ යැයි නොසිතන බවත් ඔහු කීවේය.
ඕනෑම කැඳවීමකදී පොලිසියේ සහයට යැවීමට ත්‍රිවිධ හමුදාව සූදානම් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා පැවසීය.
ඡන්ද විමසීම පැවැත්වෙන දින ඊට පසු සතිය පුරා මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් රට පුරාම ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති සටන දා ආරක්ෂක වැඩපිළිවෙල පොලිස් ප්‍රධානීන්ට
පිටරටවැසියා Thursday, 19 September 2024 05:37 PM
සිද්ධාලේප තෙන්නකෝනුත් ඉන්නවාද?