IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනපති-ඉලංගෙයි තමිල් අරසු කච්චි හමුවක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීර්ඝ කාලයක සිට උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කළහ.

සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගී වූහ. 

 



අදහස් (7)

ජනපති-ඉලංගෙයි තමිල් අරසු කච්චි හමුවක්

ඩිලේප පෙරේරා Wednesday, 04 December 2024 07:59 PM

බෞද්ධයින්ට විතරක් කෙලවන තවත් ඩීල් එකක් දාන්න වගේ.. තොපේ ඩීල් එක එක බෞද්ධ දේවල් ලන්කාවෙන් තුරන් කරන එක නේද..? ඩයස්පෝරා අය එක්ක ඩීල් එක ඕක නේද…?

:       1       3

sisira k gamage Wednesday, 04 December 2024 08:43 PM

කොහොම හරි බෝන් අගේන් ඇමරිකන් තානාපති ජුලී චන්ග්, LTTE ඩයස්පෝරා අය, සහ ලන්කාවේ කර්ඩිනල් පස්ස පැත්තෙනුත් හිනාවෙනවා ඇති. මේ අයට හිතෙනවා ඇති ප්‍රභාකරන්ට කරන්න බැරි දේ... අපි ලස්සනට යටින් ඩීල් එකක් දාලා ගත්තා නේද කියලා...!

:       1       4

nimal Wednesday, 04 December 2024 08:54 PM

අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා, රටේ මිනිස්සු හාල් ගන්න පෝලිම්වල ඉන්නවා කිලෝ 3ක් දෙනවාලු. මාලිමා JVP හවුල් ආණ්ඩුවේ කෘෂි ප්‍රතිපත්තිය අනුව දැන් කටයුතු කරන්න. සහල් පොල් ගණන් බව කියන්න. රටේ පුරවැසියන්ට අල, බතල, මයියොක්කා වගාකරන්න කියලා සහන දෙන්න...!

:       0       3

m.dammasiri Wednesday, 04 December 2024 09:45 PM

ජනාධිපතිතුමනි, දෙමළ භාෂාවෙන් කතා කරන්න පුරුදු වෙන්න. තවත් දෙමළ ජනතාවගේ හිත දිනාගන්න පුුළුවන්...

:       1       2

රුවන් Thursday, 05 December 2024 06:45 AM

මමත් පිලි ගන්නවා උතුරේ, නැගෙනහිර ඉඩම් ප්‍රශ්න, ධීවර ප්‍රශ්න වලට තව මාස 6ක් ඇතුළත විසදුමක් දෙන්න ඕනේ. අතුරුදන් කීරිම උතුරේ දකුණේ වගේම අපේ මාමා වත් හිටපු රජය අතුරුදන් කරා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව 88/89 කාලේ හදපු වාර්තාවත් අතුරුදන්. එකේ ඉන්නවා වැරදිකරුවන්, හිටපු ජනපතිත් එක්ක. ඒ අයට දඩුවම් දීමත් අත්‍යාවශ්‍යයි.

:       33       0

Lal Thursday, 05 December 2024 08:24 AM

දැන් හරියට හම්බවෙනවා නේද?

:       0       14

[email protected] Thursday, 05 December 2024 10:13 AM

මේ අයට මොනවද දන්නෙ නැත තියන ප්‍රස්න ? ලංකාවේ පොදුවේ හැමෝටම තියන ප්‍රස්න තමා මේ අයටත් තියෙන්නේ. ආයෙත් කියනවා ඇති සියලුම බන්කර් අයින් කරන්න හමුදාව ඒ පැත්තෙන් අයින් කරන්න දෙමල ජනතාවගේ ප්‍රස්න විසදන්න කියලා. මෙයත් මොන මොන පොරොන්දු දෙනවද දන්නේ නැත. මොකද ඒ පැත්තේ චන්ද ටික ලැබුනනේ

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site