IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ජනපති අරමුදලේ භාවිතය ගැන රනිල්ගෙන් නිවේදනයක්

(අංජුල මහික වීරරත්න)

තම පාලන කාලයේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

වර්ෂ 2022 ජූලි මස සිට 2024 සැප්තැම්බර් මස දක්වා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුල ජනාධිපති අරමුදලේ ක්‍රියාකාරකම් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් ලෙස මෙය ඉදිරිපත් කෙරෙයි. 

2022 ජූලි මස 26 වැනි දින වන විට මූල්‍යාධාර ලබා ගැනීම සඳහා රෝගීන්/අයදුම්කරුවන් විසින් ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කරන ලද අයදුම්පත් 8000 කට ආසන්න ප්‍රමාණයක් සඳහා ගෙවීම් සිදුකර නොතිබූ අතර 2022 දෙසැම්බර් මාසය වන විට තවදුරටත් අයදුම්පත් 3000 ක පමණ ප්‍රමාණයක් ජනාධිපති අරමුදල වෙත ගෙවීම් කිරීම සඳහා ඉදිරිපත් වී තිබිණ.

ඒ අනුව මේ සියළුම අයදුම්පත් සඳහා ඉතා කඩිනමින් ගෙවීම් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලද අතර 2022 වර්ෂය අවසාන වන විට සියළුම රෝගීන්/අයදුම්කරුවන් සඳහා ගෙවීම් සිදුකර අවසන් කෙරිණි. ඒ සඳහා රුපියල් මිලියන 1500 කට ආසන්න පිරිවැයක් ජනාධිපති අරමුදල විසින් දරන ලදී.

ඒ අනුව වසර ගණනාවක සිට ගෙවීම් සිදු නොවී ගොඩ ගැසී තිබුණු වෛද්‍යාධාර අයදුම්පත් සඳහා ගෙවීම් සිදු කර අවසන් කරන ලද අතර තවදුරටත් කිසිදු ප්‍රමාදයකින් තොරව ගෙවීම් සිදු කිරීමට ක්‍රමවේදයක් ද සකස් කරන ලදී.

ඒ අනුව, වෛද්‍යාධාර ලබා දීම සඳහා මාස ගණනාවක් ගතවන ක්‍රමවේදය වෙනුවට දින 3කට අඩු කාලයක් තුල වෛද්‍යාධාර ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි නව වෛද්‍යාධාර ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රයක් හදුන්වා දෙන ලදී.

රෝහලින් බැහැර වූ දින සිට වෛද්‍යාධාර අයදුම්පත් බාරදීමට තිබූ දින 30ක කාලය දින 60ක් දක්වා දීර්ඝ කරනු ලැබීය.

ගැටළු සහිත අයදුම්පත් ඉදිරිපත් වූ විට ඒවා තවදුරටත් සලකා බැලීම සඳහා අභියාචනා කමිටුවක් හඳුන්වා දීමට කටයුතු කෙරිණි.

ග්‍රාමීය සහ කොළඹින් පිටත අයදුම්කරුවන් සඳහා තවදුරටත් සහන සැලසීම සඳහා නව රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කරවා ගැනීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

අලුතින් හදුනාගෙන ඇති රෝග සඳහා මෙන්ම මීට පෙර වෛද්‍යාධාර ගෙවීම් නොකරන ලද රෝග සඳහා වෛද්‍යාධාර ගෙවීමේ කටයුතු අලුතින්ඇරඹීය.

එවකට පැවති සියළුම වෛද්‍යාධාර ගෙවීම් යාවත්කාලීන කිරීමේ පියවරක් වශයෙන් 2024 ජනවාරි මස සිට සියළුම වෛද්‍යාධාර ගෙවීම් 50% සිට 100% දක්වා ප්‍රමාණයකින් වැඩි කරන ලදී.

රාගම රෝහලේ දී කරනු ලබන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ  ශල්‍යකර්ම සඳහා රුපියල් ලක්ෂ 10 දක්වා වෛද්‍යාධාර ලබා දීම අලුතින් ආරම්භ කළේය.

කුඩා දරුවන්ගේ කර්ණ ශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා රුපියල් ලක්ෂ 6 දක්වා වෛද්‍යාධාර හදුන්වා දීම සිදුවිණ.

රජයේ රෝහල් විසින් සිදු කරනු ලබන සැත්කම් සඳහා සැත්කමට පෙර හා පසු වෛද්‍ය වාර්තා පිටතින් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා චෛද්‍යාධාර ලබා දීම අලුතින් හදුන්වා දුන්නේය.

ගැහැණු දරුවන්ගේ පැති කුදය රෝගය (Scoliosis) සඳහා  මෙරට දී හෝ පිටරටක දී හෝ සිදු කරනු ලබන සැත්කම් සඳහා අවශ්‍යතාවය අනුව ලබා දිය හැකි උපරිම වෛද්‍යාධාර දීම හදුන්වා දුණි. සාමාන්‍යයෙන් මේ වෙනුවෙන් සෑම විටම රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 40 දක්වා අවශ්‍ය වෛද්‍යාධාර ලබාදීමට කටයුතු කෙරිණ.

වෛද්‍යාධාර ලබා දීමේ ක්‍රමවේදය පුළුල් කිරීම හා ජනතාව වෙත ඒ සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම තුලින් වඩා හොද සේවාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී.

වෛද්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා සැලකිල්ලට ගනු  ලබන රෝගියාගේ පවුලේ මාසික ආදායම් සීමාව සංශෝධනය කෙරිණ. එමඟින් වෛද්‍යාධාර ලබාදීමට සලකනු ලබන රෝගියාගේ පවුලේ මාසික ආදායම් සීමාව රුපියල්.150,000.00 සිට රුපියල්.200,000.00 දක්වා ඉහල දැමිණ.

වයස අවුරුදු 21 අඩු දරු දැරියන් සඳහා අක්ෂි ශල්‍යකර්ම සඳහා අලුතින් වෛද්‍යාධාර ලබා දීමට පියවර ගත්තේය.

යම් රෝගියෙකු සඳහා උපරිම රුපියල් ලක්ෂ 10 ක සීමාව යටතේ අවස්ථා ගණනාවකදී වුවද වෛද්‍යාධාර ලබා දීමට කටයුතු කිරීම හා එම සීමාව ඉක්මවා වෛද්‍යාධාර දීමට අවශ්‍ය වන්නේ නම් ජනාධිපතිතුමාගේ, ජනාධිපති ලේකම්තුමාගේ, ජනාධිපති අරමුදලේ ලේකම්තුමාගේ අනුමැතිය පරිදි එම සීමාව ඉක්මවා වෛද්‍යාධාර ලබාදීම ක්‍රියාත්මක විය.

මීට පෙර වෛද්‍යාධාර නොදුන් පිළිකා රෝග තත්වයන් සඳහා ද 2024.01.01 දින සිට වෛද්‍යාධාර ලබා දීමට කටයුතු ඇරඹිණ.

ලියුකේමියා, තැලසීමියා හා පිළිකා විශේෂයක් වන මයිලෝමා රෝගී තත්වයන් සඳහා සිදු කරනු ලබන ඇට මිදුලු සැත්කමට පෙර හා පසු කරනු ලබන පරීක්ෂණ සඳහා වෛද්‍යාධාර අලුතින් ලබා දීමට කටයුතු ඇරඹුවේය.

ඒ අනුව දැනට වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා රෝගීන් විසින් ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සඳහා දින 3 ක් ඇතුලත වෛද්‍යාධාර ලබා දීමේ ක්‍රමවේදය සකස් කර ඇති අතර අදාල ගෙවීම් ඍජුවම රෝගියාගේ, අයදුම්කරුගේ බැංකු ගිණුම වෙත ‍ප්‍රේෂණය කර ඒ බව කෙටි පණිවිඩයක් මඟින් රෝගියා, අයදුම්කරු වෙත දන්වා යවනු ලැබේ. එසේම ශල්‍යකර්මය , ප්‍රතිකාරය ලබා ගැනීම සඳහා රෝහල්ගත වී ඇති අවස්ථාවක   ජනාධිපති අරමුදල විසින් රෝහල වෙත වගකීම් ලිපියක් නිකුත් කර පසුව අදාළ වෛද්‍යාධාරය රෝහල වෙත  ප්‍රේෂණය කිරීමද සිදුවිණ.

2022 වර්ෂයේ සිට වෛද්‍යාධාර වශයෙන් රෝගීන්- අයදුම්කරුවන් වෙත ලබා දී ඇති මුදල පහත පරිදිය.

2022 වර්ෂය වන විට ගොඩගැසී තිබූ අයදුම්පත්‍රද සමඟ  2022 වර්ෂය තුල රුපියල් මිලියන 1515 ක් ද 2023 වර්ෂයේ දී රු.මි.839 ක් ද 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා දළ වශයෙන් රු.මි.450 ක් පමණ ද රෝගීන් සඳහා වෛද්‍යාධාර වශයෙන් ලබා දී තිබුණි.



අදහස් (16)

ජනපති අරමුදලේ භාවිතය ගැන රනිල්ගෙන් නිවේදනයක්

බකල ජයා Thursday, 19 December 2024 03:45 PM

ෂාහ්, ගොඩාක් වැඩ කරලා. අර කෝටිගණන් ගත්ත මැටිගොල්ලො ගැන සඳහනක්වත් නෑනේ දෙගොල්ලන්ගෙන් කවුද බොරු කියන්නෙ? නොකිව්වත් අපි දන්නවා .

:       16       110

dileepa1986 Thursday, 19 December 2024 03:48 PM

යන්නේ කොහෙද මල්ලෙ පොල්. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරේ සාමාන්‍ය මිනිසුන්ට අඩු මුදලකුත් හොර මන්ත්‍රීලට කෝටි ගාණක් දීපුවා ගැනයි. අනිත් එක ජනාධිපති අරමුදල ගැන විස්තර ඒකේ වෙබ් සයිට් එකෙන් බලාගන්න පුලුවන්. අනිත් එක මතක තියාගන්න. ජනාධිපති අරමුදල සෑම සතයක්ම මේ රටේ මිනිසුන්ගෙම සල්ලි. කාටවත් ඕන ඕන විදියට ඒක වියදම් කරන්න බෑ.

:       12       106

සෙනෙවිරත්න Thursday, 19 December 2024 03:57 PM

යන්නේ කෙහෙද මල්ලෙ පොල් උත්තරයක්, යාළුවන්ට දීපු හැටි සහ දුන්නේ⁣ කුමකටද කොහොමද කියල නැහැනේ.

:       10       65

Banda Thursday, 19 December 2024 04:04 PM

ඔක්කොම හරි ලොක්කා. අර දේශපාලුවන්ට කෝටි ගණන් ගෙවපු විදිහ කියමුකෝ. දයා ගමගේත් ඉන්නවලු නේ?

:       6       61

පොඩි එකා Thursday, 19 December 2024 04:06 PM

අනේ කවුරැවත් නැද්ද මේ මුත්තට චුයංගම් එකක් දෙන්න හපහප ඉන්න, මේ තේරුමක් නැති විකාර කියවන්නේ නැතුව.

:       13       47

ජයනාත් Thursday, 19 December 2024 04:09 PM

අහිංසකයන්ට දුන්නේ නැත්නම් වෙන දේ කියන්න ඕන නැහැ නේ. ප්‍රශ්නෙ ඒක නෙවෙයි අර සෞඛ්‍ය ඇමැති ඉදිරිපත් කරපු ලැයිස්තුව තමයි ප්‍රශ්න කරන්නේ . ඒකට උත්තර කෝ..

:       7       44

Perera Thursday, 19 December 2024 04:16 PM

මැති ඇමතිගොල්ල කී දෙනෙක්ට මෙයා මුදල් දීම අනුමත කරලද? ඒ අය කවුද දුන්නේ කීයක්ද කියලා අපේ දැනගැනීම පිණිස මෙයාට කියන්න පුළුවන්ද?

:       7       47

C R Yatigammana Thursday, 19 December 2024 04:39 PM

අපි හැමෝගෙම ජීවිත එකයි. දේශපාලුවන්ට කෝටිගණන් ගෙවන්නත් සාමාන්‍ය ජනතාවට ලක්ෂ 1.5 වගේ ගෙවන්නත්, මොකද මේ ජීවත වල වෙනස...? අනික නැති බැරි අය නොවෙයි. ඇති හැකි අයට ලබාදීමත් ප්‍රශ්‍ණයකි. නීතිය ක්‍රියාත්මක විය යුතු වන්නේ මේ අරමුදල අවභාවිතා කළ අයටයි.

:       0       2

ravin Thursday, 19 December 2024 04:45 PM

අන්න සූත්තර පුංචා දැම්මා තවත් මාට්ටුවක්... පොදු ජනයාට ප්‍රශ්නයක් වුණේ ඉහත ඉහත සඳහන් වුණු එක කාරණාවක්වත් නොවේ. රට පාලුකරපු තොත්ත බබාලාට ගරු කරපු කාරණා ගැනයි. ඒ කරුණු කාරණාත් මේ වගේම පැහැදිලි කළානම්...

:       0       2

chaminda Thursday, 19 December 2024 05:09 PM

සාමාන්‍ය මිනිස්සුන්ට දීපුවා අපි ඇහුවේ නෑ මැට්ටෝ .

:       7       37

තිලකරත්න Thursday, 19 December 2024 11:04 PM

'23 අග මාසයක මධ්‍ය මහා විද්‍යාලයක නාන තටාකයට රුපියල් ලක්ෂ 240 ක් දෙන ලිපිය දැකලා අපේ ගමේ ස්කෝලේ සෙල්ලම් පිටියට අඩි 20x20 viewing stand එකක් හදා ගන්න රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා ජනාධිපති කාර්යාලයේ කතා කළාම මට කීවේ "අපි සල්ලි දෙන්නේ ජාතික පාසැල් වලට විතරයි. අනික් ස්කෝල සල්ලි අහන්න ඕනෑ. අදාල පළාත් සභාවෙන් කියලා. මේකට අපේ ගමේ ඇත්තෝ කියන්නේ "අධ්‍යාපන කුල භේදය" කියලා. මේක අලුතෙන් නිර්මාණය කරපු කුලයක්...

:       0       2

sam Friday, 20 December 2024 06:51 AM

මෙයා තරම් මේ රට ගොඩ දාපු කෙනෙක් නැහැ වගේ... කතාව. මෙයා කළ කී දේවල් හින්දා තමයි රට බංකොළොත් වුණේ. වහාම මේවා පරීක්ෂා කරන්න.

:       1       4

අරවින්ද මොනරවිල Friday, 20 December 2024 09:27 AM

පිස්සු කියවන එකෙත් සීමාවක් තියෙනවා කියලා කවුරු හරි මේ මුත්තාට කියලා දෙන්න...!

:       0       4

Bunny Preena Friday, 20 December 2024 09:36 AM

කොහෙද යන්නේ මල්ලෙ පොල්..!

:       0       5

Rata Perata Friday, 20 December 2024 11:15 AM

තවම මේ බොරු ප්‍රචාරය කරන්න හොරණෑ තියන නිසා හොඳයි. ඔහොම යමු බලන්න.

:       0       4

චින්තක Friday, 20 December 2024 11:59 AM

සිලින්ඩර සියට දැන් හොදටෝම මොංගල්, මේ කතා කෙරුවේ මැති ඇමැතිලා කියලා රට උලා කාපු උන්දලා පහුගිය කාලේ ජනාධිපති අරමුදලට දීපු සුද්දෙ ගැන , මෙයා මෙතනත් කරන්නේ බොරුව

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව - වියට්නාමය අතර ගිවිසුම් පහක්
2025 මැයි මස 05 10 0

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්


අල්ලසක් ගත් වවුනියා ඩිපෝවේ ලොක්කෙකු රිමාන්ඩ්
2025 මැයි මස 05 24 0

මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල


ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්
2025 මැයි මස 05 77 0

මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


මැතිවරණ රාජකාරියට පොලිසියේ 65,000ක්
2025 මැයි මස 05 62 0

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස


ජී2ජී ක්‍රමයෙන් දේශීය ඖෂධ කර්මාන්තය අනතුරේ
2025 මැයි මස 05 369 3

යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග


බැංකු හෙට පෙරවරු 11.00ට වසයි
2025 මැයි මස 05 218 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 710 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 184 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1220 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site