IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනපතිවරණ සමයේ පාසල්වලට සිසුන් ගන්න ලියුම් 427 ක් දීලා

ඇමැති ඩලස්ගේ නියමයෙන් පරීක්ෂණයක්.ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධ කඩිනම් වාර්තාවක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඉකුත් ඔක්තෝබර් මස 07 වැනි දින සිට නොවැම්බර් මස 26 වැනි දින දක්වා කාලය තුළ මැතිවරණ නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා නිකුත් කරන ලද ලිපි 427ක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

ඇතැම් ලිපිවල අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ව්‍යාජ අත්සන් යොදා ඇති බව ද මේ වන විට හෙළිවී ඇතැයි ද එහි සඳහන් වේ.



අදහස් (9)

ජනපතිවරණ සමයේ පාසල්වලට සිසුන් ගන්න ලියුම් 427 ක් දීලා

රනා Friday, 06 December 2019 06:25 AM

ලොක්කොනම් කොහොමහරි බේරෙයි. ළමයි ටික අනාත වෙයි.

:       5       86

ලුම්බිණි Friday, 06 December 2019 07:09 AM

මේක 1970 ගණන් වල ඉඳලම තියෙන දෙයක් නේ.

:       4       86

Jehaan Friday, 06 December 2019 08:53 AM

අනේ මේ..., මේක අනාදිමත් කාලයක ඉඳලා තිබෙනවා. කොළඹ විශාකාවට නොගිය දේශපාලු නෝනලාගේ ළමයින් විශාකාවට යද්දී, දීප්තිමත් ආදී සිසුවියන්ගේ ළමයින් වෙනත් පුද්ගලික පාසල්වල... ඒ උදවියට පුළුවන්කමකට නෙවෙයි වැදගත්.. රස්සා කරන ගමන් ඉස්කෝල ගැන නඩු කියන්න වෙලාවක් නැතිව මිසක්...

:       0       26

ajith Friday, 06 December 2019 09:20 AM

පාස්කු ප්‍රහාරය සමග දින නියමයක් නැතිව කල්දැමූ පොර්ට් සිටි ව්‍යාපෘතියේ ඉඩම් විකිණීම ආරම්භ කිරීමේ මහා උත්සවය හෙට සවස පැවැත්වේ. ගාලු මුවදොර පිටියේ සිට කලාතුරකින් දක්නට ලැබෙන මහා මල්වෙඩි සංදර්ශනයක් නැරඹිය හැකිය.

:       2       4

kamal Friday, 06 December 2019 09:41 AM

දෙමාපියන්ගේ වැරැද්දනේ.., අැයි ජනපතිවරණ සමයේ පාසල්වලට සිසුන් ගන්න ලියුම් ඉල්ලන්න ගියේ...?

:       13       1

මුණසිංහ Friday, 06 December 2019 10:17 AM

මෙය සිදු වෙමින් පවතින කාලයේ මම කමෙන්ට් එකක් දැම්මා. ඩිස්ලයික් සෑහෙන්න තිබුනා. දැන් මොකද කියන්නේ ?

:       235       16

බද්රානි Friday, 06 December 2019 11:57 AM

දේශපාලකයින්ගේ ලියුම්වලට ළමයින්ව පාසල්වලට ගන්න ක්‍රමයක් දැන් මේ රටේ ක්‍රියාත්මක වෙනවනේ... අන්න ඒ ක්‍රමය නැති කළා නම්, කාගේවත් ලියුම් පාසලට අදාළ නැහැ... බොරුවට දෙපැත්තට බෙදිලා ලකුණු දමා ගන්න සමහර දේශපාලකයන් උත්සාහ කළාට සිදුවිය යුත්තේ, මේ පවතින ක්‍රමය නැති කිරීමයි...

:       4       67

සංජීව Friday, 06 December 2019 03:17 PM

මේ ගොල්ලෝ දැන් උපාසකලා වෙලා හිටපු අයගේ හොරකම් ගැන කියනවා. මේ අය පැරදුණාම අනිත් අය ඇවිත් මේ අයගේ හොරකම් ගැන කියනවා. මේ නාඩගම අවුරුදු 70ක්ම වුණා. ඉස්සරහටත් මෙහෙම තමයි. හැබැයි කවදාවත් දඬුවම් විඳපු, හිරේට ගිය දේශපාලුවෙක් නෑ. සොක්කෝ ටිකක් අල්ලලා හිරේ දාවි. මේවට තමයි නරිනාටක කියන්නේ...

:       0       12

LabbeSaturday, 07 December 2019 07:43 AM

හරියට හරි 3%.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site