(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහල නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාලව තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser AlAmeri) මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකිකයන් 150,000ක් පමණ රැකියාවන්හි නිරත වන අතර එම ප්‍රමාණය වැඩි කිරීමට ඇති අවස්ථාවන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ හයවන විශාලතම අපනයන වෙළෙඳපොළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන අතර එම අපනයන අවස්ථාවන් පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම සහායක් ලබාදීමට කටයුතු කරන බවට ද තනාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ සහතික විය.
ඉදිරියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට එක්වන ලෙසද ඛලීඩ් නසර් අල් අමේරි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළේය.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනපතිට අරාබියට එන්නැයි ආරාධනා