(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ(15) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒමේදී විශාල ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබූ අමාත්‍යවරුන් ආයෝජකයන්ගෙන් කප්පම් ඉල්ලීමේ ගැටළුව අද සිට අවසන් වනු ඇති බවත් කප්පම් ගසන අමාත්‍යවරුන් තවදුරටත් ශ්‍රී ලංකා දේශපාලනය තුළ නොසිටිනු ඇති බවත් ඔහු පැවැසුවේය.
රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ගේ දූෂණ හා වංචා ක්‍රියා කලාපයන් පහළ නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන්ටද හේතු වන බවත් සැමටම අවස්ථාවක් ලබාදිය යුතු බැවින් ජාතික ජන බලවේග රජයේ ප්‍රතිපත්තියට අනුගත වීමට රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට අවස්ථාව දෙන බවත් සිල්වා මහතා පැවැසුවේය. එසේ අවස්ථාව ලබාදුන් පසුව ජාතික ජන බලවේග රජයේ ප්‍රතිපත්තියට අනුගත නොවන ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සිදුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. "මාළුවා කුණු වන්නේ ඔලුවේ සිට යැයි" සිල්වා මහතා එහිදී පැවැසුවේය.
ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවත් අවශ්‍ය තැන්හි ජනමත විචාරණයකට පවා යෑමට ජාතික ජන බලවේගය පසුබට නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙවර මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ජනතාව ලබාදුන් තුනෙන් දෙකකටත් වඩා වැඩි බලය ජනතාවගේ මුදලින් දේශපාලකයන් යැපෙන ප්‍රභූ දේශපාලනය අවසන් කරමින් රට ගොඩ නැගීම සඳහා යොදා ගන්නා බවද ඔහු සඳහන් කළේය.මෙවැනි විශාල බලයක් ජාතික ජන බලවේගයට ලබාදෙමින් ජනතාව පක්ෂය කෙරෙහි තැබූ විශ්වාසය එලෙසින්ම ආරක්ෂා කිරීමට ජාතික ජන බලවේගය උපරිමයෙන් කටයුතු කරන බවද ඔහු පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
Roni Saturday, 16 November 2024 03:54 AM
පැය 24, 48 කරනවා කිව්ව ඒවා දැන්වත් කරලා පෙන්නන්න. නිකන් පච ගගහා ඉන්නේ නැතිව..!
සිල්වා Saturday, 16 November 2024 08:01 PM
2/3 ට වඩා සහ බලාපොරොත්තු නොවූ තරමට බලය ජනතාව බලය ලබාදීමට හේතුව ජනතාව ඔබතුමන්ලා කිව්ව බොරුවලට රැවටුණු තරම යයි කිව හැකියි...!