IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඡන්දේ වියදම් සීමාකර ගැසට්ටුවක්

(ජේ.ඉඳුරුවගේ)

2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු විසින් ප්‍රචාරක වියදම් ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109.00 ක් වියයුතු බව මැතිවරණ කොමිෂන් සභාව නියම කරයි.

මේ අනුව එක් අපේක්ෂකයකුට මෙවර ජනාධිපතිවරණයට අදාලව එලෙස වැයකළ හැකි උපරිම සමස්ත වියදම රුපියල් එකසිය අසූහය කෝටි අසූදෙලක්ෂ අනූඅට දහස් පන්සිය අසූහයක්(1,868,2,98,586.00 ) බව මැතිවරණ කොමිෂන් සභාව මෙම වියදම් නියම කිරීමට අදාලව අගෝස්තු 16 දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම වියදමෙන් සියයට 60 ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නව ලක්ෂ හැත්තෑනව දහස් එකසිය පනස් එකයි ශත හැටක මුදලක් (1,120,9,79,151.60) අපේක්ෂකයාට තම ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකි අතර සියයට 40 ක් හෙවත් රුපියල් හැත්තෑ හතර කෝටි හැත්තෑ තුන් ලක්ෂ දහනව දහස් නමසිය තිස් හතරයි ශත හතලිහක මුදලක් අපේක්ෂකයා නාම යෝජනා කළ දේශපාලන පක්ෂයට හෝ ඡන්ද හිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නියම කරයි.

මෙකී සියලු වියදම් පිළිබඳව ලේඛන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසු දින 21 ක් ඇතුළත අපේක්ෂකයා විසින් සහ ඔහු වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂය හෝ ඡන්ද හිමියා විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුව පවතී.

එසේ නොකිරීම හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම 1981 අංක 15 දරණ ජනාධිපති තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ පනතේ සඳහන් දන්ඩනයන්ට යටත් වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

 



අදහස් (6)

ඡන්දේ වියදම් සීමාකර ගැසට්ටුවක්

යෝගා Tuesday, 20 August 2024 08:35 AM

අපේක්ෂකයෝ වෙනුවෙන් ජාවාරම්කාරයෝ මිසක් කවදද අපේක්ෂකයෝ ඡන්ද වෙනුවෙන් සල්ලි වියදම් කලේ?

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 20 August 2024 10:26 AM

මේක සජිතයි රනිලුයි වෙනුවෙන් හැදුව ඇස්තමේන්තුවක්, ඒ හැර වෙන කිසිම අපේක්ෂකයෙක් මේ තරම් හෝ මෙයට ආසන්න මුදලක් හො වියදම් කිරීමට නොහැකි වනු ඇත.

:       0       0

මංජුල Tuesday, 20 August 2024 02:09 PM

සීමාව දැකලා කලන්තේ වගේ...!

:       0       0

Abaran Tuesday, 20 August 2024 02:19 PM

එක් අයෙක් වෙනුවෙන් රුපියල් 109/= වියදම් කරන්න පුළුවන් නම් මට රුපියල් 100/= ඕනෑ රුපියල් 9/= කොමිස් එකක් හැටියට අපේක්ෂකට දෙන්නම්... ඒත් ඉතින් රුපියල් සියයක් කියන්නේ පාන් ගෙඩියක් ගන්නවත් ප්‍රමාණවත් නැහැ... ඔය අතරේ සමහරක් අපේක්ෂකයෝ වෙන අය ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා. එහෙම එවුන් නිසා ඔය සීමාවන් වෙනස් වෙනවා. ඒකට මොකද කරන්නේ? එක් ප්‍රධාන අපේක්ෂකයෙක් වෙනුවෙන් හතර දෙනෙක් ඉන්නවා නම් අනෙක් අයට බරපතල අසාධාරණයක් වෙනවා...

:       0       0

බද්රානි Tuesday, 20 August 2024 11:13 PM

අනේ උඹලගේ ඔය හොර ගැසට් ගහ ගනිල්ලා පස්ස පැත්තේ....හරියටම නීතිය ක්‍රියාත්මක වෙන රටක් වගේනේ මෙවුන් අපිව තම්බන්න හදන්නේ...?

:       0       1

chandima Wednesday, 21 August 2024 12:29 AM

රනිල් හොරකම් කරපු සල්ලි ඉවර වේගෙන යනවා වගේ...? එහෙම නැතිනම් ඡන්දය පරදින නිසා ඡන්දයට එකතු වුණු ඡන්ද ටිකත් අරන් මාරු වෙන්න ක්‍රමයක් හොයනවා වගේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2038 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site