IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අරඹන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම්දී ඇත.

මේ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන මස මුල් සතියේ ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු දැනටමත් අරඹා ඇතැයිද ඇය කීවාය.

පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා එක් කෝටියකට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිතය. මෙම මුද්‍රණ කටයුතු සඳහා රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය වනු ඇතැයි රජය මුද්‍රණාලය සඳහන් කළේය.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මූලික අත්තිකාරම් මුදලක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇතැයිද රජයේ මුද්‍රණාලාධිපතිනිය ප්‍රකාශ කළාය.

පසුගිය 2018 වර්ෂයේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැය වූ මුදල රුපියල් කෝටි 20කි. ආර්ථික තත්වය හේතුවෙන් කඩදාසි මිල සහ මුද්‍රණ වියදම ඉහළ යෑම නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මේ වර්ෂයේ ලොකු මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය සෙසු ලියකියවිලි මුද්‍රණයද දැනටමත් අරඹා ඇතැයි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

 



අදහස් (0)

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site